1
ශුද්ධවර ලූක් 23:34
Sinhala New Revised Version
ජේසුස් වහන්සේ කතා කොට, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේගේ වස්ත්‍ර බෙදාගැනීම පිණිස දාදු දැමූ හ.
Параўнаць
Даследуйце ශුද්ධවර ලූක් 23:34
2
ශුද්ධවර ලූක් 23:43
උන් වහන්සේ ද, කතා කරමින් “ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමඟ අද ම පාරාදීසයෙහි සිටින්නෙහි ය”යි වදාළ සේක.
Даследуйце ශුද්ධවර ලූක් 23:43
3
ශුද්ධවර ලූක් 23:42
තවද ඔහු, “ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය.
Даследуйце ශුද්ධවර ලූක් 23:42
4
ශුද්ධවර ලූක් 23:46
ජේසුස් වහන්සේ මහ හඬින් මොරගසා, “පියාණෙනි, ඔබ හස්තයට මාගේ ආත්මය භාර දෙමි”යි වදාළ සේක. මෙවදන් කියා උන් වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.
Даследуйце ශුද්ධවර ලූක් 23:46
5
ශුද්ධවර ලූක් 23:33
ඔව්හු කපාලපිටිය නම් ස්ථානයට පැමිණ, එහි දී උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ හ. වරදකරුවන්ගෙන් එක් කෙනෙකු උන් වහන්සේගේ දකුණු පස ද, අනික් එක්කෙනා වම් පස ද කුරුසිවල ඇණ ගැසූ හ.
Даследуйце ශුද්ධවර ලූක් 23:33
6
ශුද්ධවර ලූක් 23:44-45
එය මද්දහන් වේලාව පමණ විය; රට පුරා අන්ධකාරයක් පහළ වී, එය සවස තුන දක්වා පැවතිණි. හිරු අඳුරු විය; දේව මාලිගාවේ තිරය දෙකඩ ව ඉරී ගියේ ය.
Даследуйце ශුද්ධවර ලූක් 23:44-45
7
ශුද්ධවර ලූක් 23:47
එවිට ශතාධිපතියා සිදු වූ දෙය දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, “සැබැවින් ම මේ මනුෂ්‍යයා නිදොස් කෙනෙකැ”යි කීවේ ය.
Даследуйце ශුද්ධවර ලූක් 23:47
Стужка
Біблія
Планы чытання
Відэа