1
ශු. ලූක් 13:24
Sinhala Revised Old Version
පටු දොරකඩින් ඇතුල්වෙන්ට වීර්යකරන්න. මක්නිසාද බොහෝ දෙනෙක් ඇතුල්වෙන්ට සොයන නුමුත් බැරිවන්නේයයි නුඹලාට කියමි.
Compare
Explore ශු. ලූක් 13:24
2
ශු. ලූක් 13:11-12
බලව, දසඅට අවුරුද්දක් දුර්වලකමේ ආත්මයක් ඇතිවූ කොයි ප්‍රකාරයකින්වත් කෙලින් වෙන්ට බැරි ස්ත්‍රියෙක් එහි සිටියාය. යේසුස්වහන්සේ ඈ දැක අඬගසා: ස්ත්‍රිය, නුඹේ දුර්වලකමින් නුඹ මිදුණෙහිය කියා, ඈ පිට අත් තැබූසේක.
Explore ශු. ලූක් 13:11-12
3
ශු. ලූක් 13:13
එකෙණෙහිම ඈ කෙලින්වී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකළාය.
Explore ශු. ලූක් 13:13
4
ශු. ලූක් 13:30
බලව, දැන් අන්තිමයෝව සිටින්නාවූ සමහරෙක් ප්‍රථමයෝද දැන් ප්‍රථමයෝව, සිටින්නාවූ සමහරෙක් අන්තිමයෝද වන්නෝයයි කීසේක.
Explore ශු. ලූක් 13:30
5
ශු. ලූක් 13:25
ගෙයි ස්වාමීයා නැගිට දොර වැසුවායින් පසු, නුඹලා පිටත සිට දොරට තට්ටුකරන්ට පටන්ගෙන: ස්වාමීනි, අපට දොර ඇරිය මැනවයි කියන කල, උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමියි නුඹලාට කියන්නේය.
Explore ශු. ලූක් 13:25
6
ශු. ලූක් 13:5
එසේ නොවේයයි නුඹලාට කියමි. නුඹලා පසුතැවිලි නූණොත්, නුඹලා සියල්ලෝම එසේම විනාශවන්නෝයයි කීසේක.
Explore ශු. ලූක් 13:5
7
ශු. ලූක් 13:27
නුමුත් උන්වහන්සේ කථාකොට: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමි; අයුතුකම් කරන සියල්ලෙනි, මා වෙතින් යන්නැයි කියන්නේය.
Explore ශු. ලූක් 13:27
8
ශු. ලූක් 13:18-19
එබැවින් උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමානද? ඒක කුමකට සමානකරම්ද? එක් මනුෂ්‍යයෙකු විසින් අරගෙන තමාගේ වත්තේ දැමූ අබ ඇටයකට සමානය; ඒක වැඩී ගසක් විය; ආකාශයේ පක්ෂීහු එහි අතුවල ලැග්ගෝයයි කීසේක.
Explore ශු. ලූක් 13:18-19
Home
Bible
Plans
Videos