ඒ නිසා දෙවියන්වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවලට භාරදුන්සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික ව්‍යවහාරය ස්වභාවට විරුද්ධවූ ව්‍යවහාරයට වෙනස්කළෝය. එසේම පුරුෂයෝද ස්ත්‍රිය සම්බන්ධ ස්වාභාවික ව්‍යවහාරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මත්ව, පුරුෂයෝ පුරුෂයන් සමඟ අශෝභන දේ කරමින්, තමුන්ගේ වරදවලට සුදුසු ඵල තමුන් තුළම ලැබුවෝය.
තවද ඔවුන් දෙවියන්වහන්සේ දැනගන්ට අකැමැතිව සිටි බැවින්, නුසුදුසු දේ කරන පිණිස දෙවියන්වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවාදුන්සේක.