ශුද්ධවර ජොහන් 21
21
ශ්‍රාවකයන් සත් දෙනෙකුට දර්ශනය වීම
1ඉන්පසු ජේසුස් වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟ දී ශ්‍රාවකයන්ට නැවත දර්ශනය වූ සේක. උන් වහන්සේ දර්ශනය වූයේ මේ අයුරින් ය. 2සීමොන් පේදුරු ද ‘නිවුන් දරුවා’ නම් වූ තෝමස් ද ගලීලයේ කානාහි නතානියෙල් ද සෙබදීගේ පුත්‍රයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් තවත් දෙදෙනෙක් ද එක් ව සිටියෝ ය. 3#ලූක් 5:5 සීමොන් පේදුරු, “මම මසුන් අල්ලන්න යමි”යි ඔවුන්ට කී ය. “අපිත් ඔබ සමඟ එමු”යි ඔව්හු ඔහුට කී හ. ඔව්හු පිටත් ව ගොස් ඔරුවට නැංගා හ. එහෙත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත.
4පහන් වූ කල ජේසුස් වහන්සේ වෙරළෙහි සිටි සේක. එසේ වුවත්, ඒ ජේසුස් වහන්සේ බව ශ්‍රාවකයෝ නොදත්හ. 5එවිට ජේසුස් වහන්සේ, “මිත්‍රයෙනි, ඔබ ළඟ මාළු තිබේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු, “නැතැ”යි කී හ. 6#ලූක් 5:6 උන් වහන්සේ ඔවුන් අමතමින්, “ඔරුවේ දකුණු පැත්තෙන් දැල හෙළන්න, එවිට සම්බ වනු ඇතැ”යි වදාළ සේක. එසේ දැල හෙළූ කල, අසුවූ මසුන් රාශිය නිසා දැල ඇද ගන්නට වත් ඔවුන්ට නොහැකි විය.
7ජේසුස් වහන්සේ ප්‍රේම කළ ශ්රාවකයා පේදුරුට කතා කොට, “අන්න, ඒ ස්වාමීන් වහන්සේ ය”යි කී ය. එවිට සීමොන් පේදුරු ඒ ස්වාමීන් වහන්සේ බව අසා, තමා ඉණ රෙද්ද ලිහාදමා සිටි බැවින්, වහා එය ඇඳගෙන මුහුදට පැන්නේ ය. 8එහෙත් සෙසු ශ්‍රාවකයෝ මසුන්ගෙන් පිරුණු දැල ඇදගෙන, කුඩා ඔරුවෙන් ආහ. ඔව්හු වෙරළට නුදුරු ව මීටර් සියයක් පමණ ඈතින් සිටියහ. 9ඔව්හු ගොඩට ආ විට එහි ගිනි අඟුරු ද ඒ පිට මාළු තිබෙන බව ද රොටි ද දුටුවෝ ය. 10“ඔබ දැන් ඇල්ලූ මසුන්ගෙන් ස්වල්පයක් ගෙනෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක.
11සීමොන් පේදුරු ඔරුවට නැඟී, ලොකු මසුන් එකසිය පනස්තුන් දෙනෙකුගෙන් පිරුණු දැල ගොඩට ඇද්දේ ය. එපමණ තිබුණ නමුත් දැල ඉරුණේ නැත. 12ජේසුස් වහන්සේ කතා කොට, “එන්න, අනුභව කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ඒ සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැන සිටි හෙයින්, “ඔබ කවුරු දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ශ්‍රාවකයන්ගෙන් කිසිවෙකුට වත් ධෛර්යය නොතිබිණි. 13ජේසුස් වහන්සේ ඇවිත්, රොටි රැගෙන ඔවුන්ට දුන් සේක; එසේ ම මාළුත් දුන් සේක.
14මේ වනාහි ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු ශ්‍රාවකයන්ට දර්ශනය වූ තුන් වන වතාව ය.
පේදුරුට පැවරූ තුන් ප්‍රකාර භාරය
15මෙසේ ඔවුන් ආහාර වැළඳූ පසු ජේසුස් වහන්සේ සීමොන් පේදුරුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඇසූ සේක. ඔහු, “එසේ ය ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ”යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ, “මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්නැ”යි ඔහුට වදාළ සේක.
16නැවත දෙ වන වරටත්, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන් ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ඔහු, “එසේ ය, ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ”යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ ද, “මාගේ බැටළුවන්ගේ එඬේරා වන්නැ”යි වදාළ සේක.
17උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: “ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. “මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක. 18“ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ තරුණ වියෙහි ඔබේ ඉඟටිය බැඳගෙන කැමැති කැමැති තැන්වල ඇවිද්දෙහි ය. එහෙත් ඔබ මහලු වූ කල ඔබේ අත් දිගු කරන්නෙහි ය, වෙන කෙනෙකු ඔබේ ඉඟටිය බැඳ, ඔබ කැමැති නැති තැනකට ගෙනයනු ඇතැ”යි වදාළ සේක. 19ඔහු කෙබඳු මරණයකින් දෙවියන් වහන්සේ ගෞරවයට පමුණුවනු ඇද්දැ යි හඟවනු වස් උන් වහන්සේ මෙසේ වදාළ සේක. ඉක්බිති “මා අනුව එන්නැ”යි නැවතත් ඔහුට කී සේක.
හිතවත් ශ්රාවකයා
20 #
ජොහ 13:25
පේදුරු හැරී, ජේසුස් වහන්සේ ප්‍රේම කළාවූ ද රාත්‍රි භෝජනයෙහි දී උන් වහන්සේගේ ළයෙහි හාන්සි වී සිට, ‘ඔබ පාවා දෙන්නේ කවරෙක් දැ’යි ඇසුවාවූ ද ශ්රාවකයා තමන් පසුපස්සේ එනු දිටී ය. 21පේදුරු ඔහු දැක, “ස්වාමීනි, මොහුට කුමක් වේ දැ”යි ජේසුස් වහන්සේගෙන් ඇසී ය. 22ජේසුස් වහන්සේ ද, “මා එනතෙක් ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක ද? 23ඔබ මා අනුව එන්නැ”යි වදාළ සේක. එහෙයින් ඒ ශ්රාවකයා නොමැරෙන්නේ ය යන කීම සහෝදරයන් අතර පතළ විය. එසේ වී නමුත් ජේසුස් වහන්සේ, ‘මා එන තුරු ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක දැ’යි කීවා මිස, ‘ඔහු නොමැරෙන්නේ ය’යි නොවදාළ සේක.
24මේ ගැන සාක්ෂි දෙන්නාවූ ද මෙය ලිව්වාවූ ද ශ්රාවකයා ඔහු ය. ඔහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමු.
25ජේසුස් වහන්සේ කළ තවත් බොහෝ දේ ඇත. ඒවා එකින් එක ලිව්වොත්, ලියවෙන ඒ පොත්වලට මුළු ලෝකය වුවත් ඉඩ මදි යයි සිතමි.
Currently Selected:
ශුද්ධවර ජොහන් 21: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: