YouVersion Logo
Search Icon

ලූක් 4:9-12

ලූක් 4:9-12 SCV

එවිට ඔහු යෙරුසලමට උන්වහන්සේ ගෙන ගොස්, දේව මාලිග මුදුනේ උන්වහන්සේ සිටුවා, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් බිමට පනින්න; මන්ද: “ ‘ඔබ ආරක්ෂා කරන්නට උන්වහන්සේ ස්වකීය දූතයිනට ඔබ ගැන අණ කරනු ඇත’ කියා ද, ‘ඔබගේ පාද ගලක නො වදින ලෙසට ඔවුහු තම අත්වලින් ඔබ උසුලා ගනු ඇත’ කියා ද ලියා ඇතැ” යි කීවේ ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු’ යි කියා ඇතැ” යි පැවසූ සේක.