YouVersion Logo
Search Icon

ලූක් 7:7-9

ලූක් 7:7-9 SCV

ඔබ හමුවට ඒමට තරම් වත් මා වටින්නෙකැයි නො සිතුවේ එනිසයි; නමුත් වචනයක් පැවසුව මැනවි. එවිට මාගේ මෙහෙකරුවා සුව වන්නේ ය. මන්ද මමත් ආධිපත්‍යයට යටත් මනුෂ්‍යයෙක්මි; මා යටතේ ද හේවායෝ සිටිති. මා මොහුට ‘යනු’ යි කී කල ඔහු යයි; වෙනෙකකුට ‘එනු’ යි මා කී කල ඔහු එයි. ‘මෙය කරනු’ යි මගේ මෙහෙකරුට කී කල, ඔහු එය කරතැ” යි පැවසී ය. ඒ ඇසූ කල, ඔහු ගැන විස්මපත් වූ යේසුස්වහන්සේ, තමන් පිරිවරා ආ පිරිස දෙස හැරී, “මේ තරම් මහත් ඇදහිල්ලක් ඉශ්‍රායෙල්හිවත් මා දැක්කේ නැති වග මා ඔබට කියනවා” යි පැවසූ සේක.