Logo de la Biblia App
Ícono Búsqueda

රෝම 10

10
1සහෝදරයෙනි, මාගේ සිතෙහි ඇති බලවත් ආශාව නම් ජුදෙව්වරුන්ගේ ගැළවීම ය; දෙවියන් වහන්සේට මා කරන ආයාචනය ඒ උදෙසා ය. 2දෙවියන් වහන්සේට අධික ලැදියාවක් ඔවුන් තුළ ඇති බවට මම සාක්ෂි දරමි; එහෙත් එය හරි පැහැදීමක් නැති ලැදියාවකි. 3දමිටු බවට පැමිණීමේ මාර්ගය නොදත් ඔව්හු, තමන්ගේ ම මාර්ගයක් සලසාගැනීමට ප්‍රයත්න දරමින් දමිටු කරනු ලැබීමට යටත් නොවූ හ. 4මන්ද, අදහන සියල්ලන් ම දමිටු බවට පැමිණවීමෙන් ක්‍රිස්තුන් වහන්සේ ව්‍යවස්ථාවේ පරමාර්ථය සපුරාලූ සේක.
සියල්ලන්ට ගැළවීමේ මාර්ගය
5 # ලෙවී 18:5 ව්‍යවස්ථාව පිළිපැදීමෙන් ඇති වන දමිටු බව පිළිබඳ ව මෝසෙස් මෙසේ ලියා ඇත: “ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා එයින් ජීවත් වන්නේ ය.” 6#ද්වි.නී. 30:12-14 එහෙත් ඇදහිල්ලෙන් ඇති වන දමිටු බවෙන් පැවසෙන්නේ මෙය යි: “ක්‍රිස්තුන් වහන්සේ පහතට වැඩමවාගැනීමට ස්වර්ගයට නඟින්නේ කවරෙක් ද? 7නැතහොත් ක්‍රිස්තුන් වහන්සේ මළවුන් කෙරෙන් ගෙනෙ‍න පිණිස පාතාලයට බසින්නේ කවරෙක් දැ”යි සිතින් නොසිතන්න. 8එයින් තව කුමක් පැවසේ ද? පැවසෙන්නේ: “වාක්‍යය ඔබේ මුවෙහි ය, ඔබේ සිතෙහි ය, ඔබ ළඟ ම ය” කියා ය. ඒ වාක්‍යය අප ප්‍රකාශ කරන ඇදහිල්ලේ පණිවුඩය වේ. 9ඔබ ‘ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය’යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගැළවීම ලබන්නෙහි ය. 10#යෙසා 28:16මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දමිටු බවට පැමිණෙන්නේ ය; මුවින් පැවසීමෙන් ගළවනු ලබන්නේ ය. 11“උන් වහන්සේ අදහන කිසිවෙක් ලජ්ජාවට නොපැමිණෙති”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත. 12ජුදෙව්වා හා ග්‍රීකයා අතර වෙනසක් නැත. එක ම සමිඳාණන් වහන්සේ සියල්ලන්ගේ ම සමිඳාණන් වහන්සේ ය; උන් වහන්සේගේ පිහිට අයැදින සියල්ලන්ට උන් වහන්සේ සියලු යසඉසුරු සලසා දෙන සේක. 13#ජෝවෙ 2:32 මන්ද: “සමිඳාණන් වහන්සේගේ නාමය කියා අයැදින කවරෙක් නමුත් ගැළවීම ලබති”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත.
14අදහා නොගත් කෙනෙකුට යැදුම් පුදන්නේ කෙසේ ද? නෑසූ කෙනෙකු අදහන්නේ කෙසේ ද? දේශකයෙකු නැති ව අසන්නේ කෙසේ ද? 15#යෙසා 52:7යවනු නොලැබුවොත් දේශනා කරන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව: “සුබ අස්න ගෙන එන ධර්ම දූතයන්ගේ පාද කොතරම් මනහර ද?” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.
16 # යෙසා 53:1 එහෙත් හැම දෙනා ම ඒ සුබ අස්නට සවන් දුන්නේ නැත. මන්ද, “සමිඳාණන් වහන්ස, අපේ පණිවුඩය විශ්වාස කෙළේ කවරෙක් දැ”යි යෙසායා අසයි. 17ඇදහිල්ල ඇති වන්නේ පණිවුඩය ඇසීමෙනි, පණිවුඩය ඇති වන්නේ ක්‍රිස්තුන් වහන්සේ ගැන දෙසීමෙනි.
18 # ගීතා 19:4 එහෙත් ඔව්හු සවන් නුදුන්නාහු දැ යි මම ප්‍රශ්න කරමි. සැබැවින් ම ඔව්හු සවන් දුන්නාහු ය. ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි:
“දූතයන්ගේ දහම් හඬ පොළොව පුරා පැතිරී ඇත;
ඔවුන්ගේ වචන ලෝක සීමා දක්වා විසිරී ඇත.”
19 # ද්වි.නී. 32:21 එහෙත් ඉශ්රායෙල් ජාතිය එය නොදැන සිටියා දැ යි මම යළි යළිත් ප්‍රශ්න කරමි:
“නියම ජාතියක් නොවන ජනතාවක් කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමට මම නුඹලා තදින් පොළඹවන්නෙමි;
අනුවණ ජාතියක් කෙරේ නුඹලාගේ කෝපය අවුස්සන්නෙමි”යි
පළමුකොට මෝසෙස් කියයි. 20#යෙසා 65:1 තවද, යෙසායා නිර්භය ව කතා කරමින්:
“නොසෙවූ අයට මම හමු වීමි;
මා ගැන නොවිමසූ අයට මම ප්‍රකාශ වීමි”යි
කියයි. 21#යෙසා 65:2 එහෙත් ඔහු ඉශ්රායෙල් ජනතාව ගැන කතා කොට:
“අකීකරු, කැරලිකාර සෙනඟක් දෙසට දවස මුලුල්ලේ ම මාගේ අත් දිගු කෙළෙමි”යි කියයි.

Actualmente seleccionado:

රෝම 10: NRSV

Destacar

Copiar

Comparar

Compartir

None

¿Quieres guardar tus resaltados en todos tus dispositivos? Regístrate o Inicia sesión