උත්පත්ති 5
5
ආදම්ගේ පෙළපත
(1 වංශා 1:1-4)
1 #
උත් 1:27-28 ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය: දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇති ව ඔහු මැවූ සේක. 2#මතෙ 19:4; මාක් 10:6 ස්ත්‍රී-පුරුෂ වශයෙන් ඔවුන් මැවූ සේක. උන් වහන්සේ ඔවුන් මවන විට ඔවුන්ට ආශීර්වාද කරමින් ‘මිනිසා’ යන නාමය ඔවුන්ට තැබූ සේක. 3ආදම්ට වයස අවුරුදු එකසිය තිහක් වූ විට තමාගේ ම සමානත්වය හා ස්වරූපය ඇති පුතෙක් ඔහුට ලැබිණි. මොහුට සෙත් යන නාමය තැබී ය. 4සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ. 5ඔහු අවුරුදු නවසිය තිහක් ආයු වළඳා මියගියේය.
6සෙත්ගේ වයස අවුරුදු එකසිය පහක් වූ විට ඔහුට දාව ඒනොෂ් උපන්නේ ය. 7ඒනොෂ් උපන් පසු ඔහු තව අවුරුදු අටසිය හතක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. 8ඔහු අවුරුදු නවසිය දොළොසක් ආයු වළඳා මියගියේය.
9ඒනොෂ්ට වයස අවුරුදු අනූවක් වූ විට ඔහුට දාව කේනාන් උපන්නේ ය. 10කේනාන් උපන් පසු ඒනොෂ් තව අවුරුදු අටසිය පසළොසක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. 11ඔහු අවුරුදු නවසිය පහක් ආයු වළඳා මියගියේය.
12කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය. 13මහලලෙල් උපන් පසු කේනාන් තව අවුරුදු අටසිය සතළිසක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. 14ඔහු අවුරුදු නවසිය දහයක් ආයු වළඳා මියගියේය.
15මහලලෙල්ට වයස අවුරුදු හැටපහක් වූ විට ඔහුට දාව ජරෙද් උපන්නේ ය. 16ජරෙද් උපන් පසු මහලලෙල් තව අවුරුදු අටසිය තිහක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. 17ඔහු අවුරුදු අටසිය අනූපහක් ආයු වළඳා මියගියේය.
18ජරෙද්ට වයස අවුරුදු එකසිය හැටදෙකක් වූ විට ඔහුට දාව ඒනොක් උපන්නේ ය. 19ඒනොක් උපන් පසු ජරෙද් තව අවුරුදු අටසියයක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. 20ඔහු අවුරුදු නවසිය හැටදෙකක් ආයු වළඳා මියගියේය.
21ඒනොක්ට වයස අවුරුදු හැටපහක් වූ විට ඔහුට දාව මෙතුසෙලා උපන්නේ ය. 22මෙතුසෙලා උපන් පසු ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසිරෙමින් තව අවුරුදු තුන්සියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ. 23ඔහුගේ මුළු ජීවිත කාලය අවුරුදු තුන්සිය හැටපහක් විය. 24#හෙබ්‍රෙ 11:5; ජූද් 14 ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. උන් වහන්සේ ඔහු රැගත් බැවින් ඔහු අතුරුදහන් විය.
25මෙතුසෙලාට වයස අවුරුදු එකසිය අසූහතක් වූ විට ඔහුට දාව ලාමෙක් උපන්නේ ය. 26ලාමෙක් උපන් පසු මෙතුසෙලා තව අවුරුදු හත්සිය අසූදෙකක් ජීවත් විය. ඔහුට දාව තවත් දරුදැරියෝ උපන්හ. 27අවුරුදු නවසිය හැටනවයක් ආයු වළඳා ඔහු මියගියේය.
28ලාමෙක්ට වයස අවුරුදු එකසිය අසූදෙකක් වූ විට ඔහුට දාව පුතෙක් උපන්නේ ය. ලාමෙක් ඔහුට නෝවා යන නාමය තැබී ය. 29ඔහු එසේ කෙළේ, ‘සමිඳාණන් වහන්සේ සාප කළ පොළොවෙන් මොහු අපට, අපගේ වැඩවල දී ද වෙහෙස මහන්සියේ දී ද සහනය ගෙන දෙනු ඇත’ යන අදහසින් ය. 30ලාමෙක් තව අවුරුදු පන්සිය අනූපහක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ. 31අවුරුදු හත්සිය හැත්තෑහතක් ආයු වළඳා ඔහු මියගියේය.
32නෝවාගේ වයස අවුරුදු පන්සියයක් වූ විට ඔහුට දාව ෂෙම්, හාම් සහ ජපෙත් යන පුත්තු තිදෙන උපන්හ.
Sélection en cours:
උත්පත්ති 5: SNRV
Surbrillance
Partager
Copier
![None](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapistaging.com%2F58%2Fhttps%3A%2F%2Fweb-assets.youversion.com%2Fapp-icons%2Ffr.png&w=128&q=75)
Tu souhaites voir tes moments forts enregistrés sur tous tes appareils? Inscris-toi ou connecte-toi

:
Surbrillance
Partager
Copier
![None](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapistaging.com%2F58%2Fhttps%3A%2F%2Fweb-assets.youversion.com%2Fapp-icons%2Fen.png&w=128&q=75)