1
උත්පත්ති 12:2-3
Sinhala New Revised Version 2018
SNRV
මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි. නුඹට ආසිරි පතන අයට මමත් ආසිරි පතමි. නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබමි. නුඹ මගෙන් ආසිරි ලත් අයුරින් මිහි මත සව් සත ආසිරි ලබනු ඇතැ”යි වදාළ සේක.
Confronta
Esplora උත්පත්ති 12:2-3
2
උත්පත්ති 12:1
සමිඳාණන් වහන්සේ ආබ්රම්ට කතා කොට, “නුඹේ මවු බිම ද නුඹේ නෑදෑයන් ද නුඹේ පියාගේ ගෘහය ද අත්හැරදමා, මා පෙන්වන්නට යන දේශයට යන්න.
Esplora උත්පත්ති 12:1
3
උත්පත්ති 12:4
ආබ්රම්ට වයස අවුරුදු හැත්තෑපහක් වූ කල සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ ලෙසට, ඔහු හාරාන් දේශයෙන් පිටත් විය. ලොත් ද ඔහු සමඟ ගියේය.
Esplora උත්පත්ති 12:4
4
උත්පත්ති 12:7
එවිට සමිඳාණන් වහන්සේ ආබ්රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය.
Esplora උත්පත්ති 12:7