Logo aplikacji Biblia
Ikona wyszukiwania

ජෝබ් 27

27
ජෝබ්ගේ පිළිතුර
1ඉක්බිති ජෝබ් යළිත් මෙසේ පැවසී ය:
2“මා කෙරෙන් යුක්තිය වළක්වා, සෝදුකින් මා පිරෙවූ, සව් බලැති දෙවිඳුන් නමින් මම මෙය දිවුරා කියමි:
3මාගේ පණ නළ තිබෙන තුරු, දෙවිඳුන් දුන් හුස්ම ටික මා තුළ පවතින තුරු,
4මා මුවින් අසත්‍යයක් වත්, කිසි මුසාවක් වත් නොකියමි.
5ඔබ පවසන දේ සැබෑ යයි මම කිසි සේත් නොකියමි.
දිවි ඇති තාක් මා නිවැරදි බව ම කියා සිටිමි.
6මා නිවැරදි බව මම තරයේ කියා සිටිමි.
දිවි ඇති තාක් මාගේ හෘදය සාක්ෂිය මට වරද නොතබයි.
7‘මාගේ සතුරාට දුදනෙකුට මෙන් අවැඩක් වේවා’යි ද ‘මාගේ විරුද්ධකාරයාට නපුරක් ම වේවා’යි ද පතමි.
8අභක්තිකයාගේ අවසන් හුස්ම පහ කොට, දෙවිඳුන් මරණය එවන විට ඔහුට කවර බලාපොරොත්තුවක් ඇද් ද?
9විපත පැමිණෙන විට දෙවි තුමාණන් ඔහුගේ යැදුම් අසනු ඇද් ද?
10ඔහු සව් බලැති දෙවි තුමන් කෙරෙහි ප්‍රීති වන්නේ ද?
එතුමන්ට නිරතුරු යැදුම් පුදනු ඇද් ද?
11නැත.
දෙවි තුමන්ගේ බලය ක්‍රියා කරන හැටි මම ඔබට පවසන්නෙමි.
සව් බලැති දෙවි තුමන්ගේ අදහස් මම ඔබට කියා දෙමි.
12මේ හැම දෙය ඔබ තේරුම් ගන්නහු නම්, මෙවැනි වල්පල් ඔබ නොදොඩන්නහු ය.”
ශෝපර්ගේ කතාව
13ශෝපර් මෙසේ පැවසී ය:
“සැහැසි ලෙස ජීවත් වන දුදනන් හට සව් බලැති දෙවිඳුන්ගේ දඬුවම මෙසේ ය:
14ඔවුන්ට දූ දරුවන් බොහෝ ඇතත්, ඔව්හු රණ බිම්හි මැරී වැටෙති.
මුළු පරපුර සාගින්නෙන් පෙළෙති.
15ඔවුන්ගෙන් ඉතුරු වන අය වසංගතයෙන් නැසෙති;
ඔවුන් ගැන වැන්දඹුවෝ පවා නොවැලපෙති.
16ඔවුන්ට පොළොවේ වැලි මෙන් රන් රිදී තිබුණත්, අපමණ රෙදිපිළි ගොඩගැහුණත්,
17ඒවා පැළඳගන්නේ ඔවුන් නොව, දැහැමි අය ය;
ඔවුන්ගේ රන් රිදී ද බෙදාගන්නේ නිදොස් අය ය.
18දුදනා සාදන ගෙය මකුළු දැල මෙන් ද කෙත රක්නා ගොවියාගේ පැල්පත මෙන් ද වැඩි කල් නොපවතියි.
19එක් දිනක් ඔහු පොහොසතෙකු ලෙස සැතපෙයි;
නැවත එසේ නොකරයි.
පසු දා අවදි වන විට ඔහු අතේ සතයක් නැත.
20බියකරු විපත ගංවතුර මෙන් ඔහු පලවා හරියි;
රෑ හමන කුණාටුව ඔහු පැහැරගෙන යයි.
21පෙරදිග මාරුතයෙන් ඔහු ගහගෙන යයි;
සිය නිවෙසින් ඈත පෙදෙසකට ඔහු නෙරපී යයි.
22ඔහු එක පිම්මෙන් පලා යන්න හැදුවත්, මාරුතය දයාව නොපෙන්වයි;
ඔහුට පහර පිට පහර දෙනු ඇත.
23ඔහු පලා යන විට මාරුතය ලුහුබැඳ ගිගුරුම් දෙයි.
විනාශකාරී බලයකින් ඔවුන් බිය ගන්වයි.”

Obecnie wybrane:

ජෝබ් 27: NRSV

Podkreślenie

Kopiuj

Porównaj

Udostępnij

None

Chcesz, aby twoje zakreślenia były zapisywane na wszystkich twoich urządzeniach? Zarejestruj się lub zaloguj