නික්මයාම 7:17 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
නික්මයාම 7:17 SROV (Sinhala Revised Old Version)
මෙයින් මා ස්වාමීන්වහන්සේ බව ඔබ දැනගන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක. මෙන්න, මා අත තිබෙන සැරයටියෙන් ගංගාවේ තිබෙන සියලුම වතුරවලට ගසන්නෙමි, ඒවා ලේ වන්නේය.
නික්මයාම 7:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මා ස්වාමින්වහන්සේ වග ඔබ මෙයින් දැනගනු ඇත. මගේ අතේ ඇති සැරයටියෙන් මම නයිල් ගං ජලයට ගසන්නෙමි. එය ලේ බවට හැරෙනු ඇත.
නික්මයාම 7:17 NRSV (Sinhala New Revised Version)
එබැවින් මෙන්න, සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මා සමිඳාණන් වහන්සේ බව ඔබ මේ ලකුණින් දැන ගන්නෙහි ය. එනම්, බලන්න, ගඟේ දියට මා අතේ ඇති සැරයටියෙන් ගසමි. එවිට එහි වතුර ලේ වන්නේ ය.
නික්මයාම 7:17 SNRV (Sinhala New Revised Version 2018)
එබැවින් මෙන්න, සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මා සමිඳාණන් වහන්සේ බව ඔබ මේ ලකුණින් දැන ගන්නෙහි ය. එනම්, බලන්න, ගඟේ දියට මා අතේ ඇති සැරයටියෙන් ගසමි. එවිට එහි වතුර ලේ වන්නේ ය.
නික්මයාම 7:17 NIV (New International Version)
This is what the LORD says: By this you will know that I am the LORD: With the staff that is in my hand I will strike the water of the Nile, and it will be changed into blood.