බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

නික්මයාම 9:3-4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

නික්මයාම 9:3-4 SROV (Sinhala Revised Old Version)

බලව, කෙතේ ඉන්න නුඹේ සිව්පාවුන් පිට එනම් අශ්වයන් පිටද කොටළුවන් පිටද ඔටුවන් පිටද ගව රැළවල් සහ එළු බැටළු රැළවල් පිටද ස්වාමීන්වහන්සේගේ හස්තය පැමිණෙයි. ඉතා තද ගව වසංගතයක් වන්නේය. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ සිව්පාවුන්ද මිසරයේ සිව්පාවුන්ද අතරේ වෙනසක් කරනසේක. ඉශ්‍රායෙල් පුත්‍රයන් සන්තක සියල්ලන්ගෙන් කිසිවෙක් නොනසින්නේයයි ඔහුට කියවයි කීසේක.

බෙදාගන්න
නික්මයාම 9 SROV

නික්මයාම 9:3-4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔන්න! එළිමහනේ සිටින ඔබගේ සත්ව සම්පත වන ඔබගේ අශ්වයින්, බූරුවන් හා ඔටුවන් පිටත්, ඔබේ ගවයින්, ඔබේ එළුවන් හා බැටළුවන් පිටත් ස්වාමින්වහන්සේගේ හස්තය බිහිසුණු ව්‍යසනයක් පමුණුවනු ඇත. එහෙත්, ඉශ්‍රායෙල්වරුන් සතු එක සතකුදු නො මැරෙන පරිදි, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් සත්ව සම්පත හා ඊජිප්තු සත්ව සම්පත අතර පැහැදිලි වෙනසක් දක්වනු ඇතැ’ ” යි පැවසූ සේක.

බෙදාගන්න
නික්මයාම 9 SCV

නික්මයාම 9:3-4 NRSV (Sinhala New Revised Version)

මෙන්න, කෙතෙහි සිටින ඔබේ ගවසම්පත් වන, අසුන්ට හා කොටළුවන්ට ද, ඔටුවන්ට හා ගොනුන්ට ද, බැටළුවන්ට ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඉතා බිහිසුණු වසංගතයකින් පහර දෙන්නේ ය. එහෙත් සමිඳාණන් වහන්සේ වන මම ඉශ්රායෙල් ජනයාගේ ගවයන් හා මිසර වාසීන්ගේ ගවයන් අතර වෙනසක් දක්වන්නෙමි. ඉශ්රායෙල් ජනයා සතු මුළු ගවසම්පතින් එක සතෙක් වත් නොමැරෙන්නේ ය.

බෙදාගන්න
නික්මයාම 9 NRSV

නික්මයාම 9:3-4 SNRV (Sinhala New Revised Version 2018)

මෙන්න, කෙතෙහි සිටින ඔබේ ගවසම්පත් වන, අසුන්ට හා කොටළුවන්ට ද, ඔටුවන්ට හා ගොනුන්ට ද, බැටළුවන්ට ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඉතා බිහිසුණු වසංගතයකින් පහර දෙන්නේ ය. එහෙත් සමිඳාණන් වහන්සේ වන මම ඉශ්රායෙල් ජනයාගේ ගවයන් හා මිසර වාසීන්ගේ ගවයන් අතර වෙනසක් දක්වන්නෙමි. ඉශ්රායෙල් ජනයා සතු මුළු ගවසම්පතින් එක සතෙක් වත් නොමැරෙන්නේ ය.

බෙදාගන්න
නික්මයාම 9 SNRV

නික්මයාම 9:3-4 NIV (New International Version)

the hand of the LORD will bring a terrible plague on your livestock in the field—on your horses, donkeys and camels and on your cattle, sheep and goats. But the LORD will make a distinction between the livestock of Israel and that of Egypt, so that no animal belonging to the Israelites will die.’ ”

බෙදාගන්න
නික්මයාම 9 NIV