උත්පත්ති 3:1 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
උත්පත්ති 3:1 SROV (Sinhala Revised Old Version)
සර්පයා වනාහි ස්වාමිවූ දෙවියන්වහන්සේ සෑදූ වනයේ කවර සත්වයෙකුටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද: ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන්වහන්සේ කීවාදැයි ස්ත්‍රියගෙන් ඇසීය.
උත්පත්ති 3:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සාදා තිබූ කවර වන සතකුටත් වඩා සර්පයා ප්‍රයෝගකාරී විය; ඌ ස්ත්‍රිය අමතමින්, “ ‘උයනේ ඇති කිසි ගසකින් ඔබ නො කෑ යුතු ය’ කියා දෙවියන්වහන්සේ සැබවින් ම කී සේක් දැ?” යි ඇසී ය.
උත්පත්ති 3:1 NRSV (Sinhala New Revised Version)
දෙවි සමිඳාණන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට, “උයනේ කිසි ම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ කළ තහනම ඇත්ත දැ”යි ඇසී ය.
උත්පත්ති 3:1 SNRV (Sinhala New Revised Version 2018)
දෙවි සමිඳාණන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට, “උයනේ කිසි ම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ කළ තහනම ඇත්ත දැ”යි ඇසී ය.
උත්පත්ති 3:1 NIV (New International Version)
Now the serpent was more crafty than any of the wild animals the LORD God had made. He said to the woman, “Did God really say, ‘You must not eat from any tree in the garden’?”