හොසියා 4:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
හොසියා 4:6 SROV (Sinhala Revised Old Version)
මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. නුඹ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් නුඹ එපාකරන්නෙමි. නුඹ නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතකනැතිකළ නිසා මමත් නුඹේ දරුවන් මතක නැතිකරන්නෙමි.
හොසියා 4:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දැනගැන්ම නැතිකමින්, මගේ ජනයා විනාශ වී යති. “මන්ද නුඹ දැනගැන්ම ප්‍රතික්ෂේප කළ බැවින්, මමත්, මගේ පූජකත්වයෙන් නුඹ ප්‍රතික්ෂේප කරමි. නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව නුඹ නො සලකා හැරිය බැවින්, මමත්, නුඹේ දරු පරපුර නො සලකා හරිමි.
හොසියා 4:6 NRSV (Sinhala New Revised Version)
මා ගැන දැනුමක් නැති බැවින් මාගේ සෙනඟ විනාශ වී යති. මා ගැන දැනුම ද දේවාඥා ද ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් මට පූජකයන් මෙන් සේවය කිරීමෙහි ලා නුඹලා ද නුඹලාගේ දරුවන් ද මම ප්‍රතික්ෂේප කරමි.
හොසියා 4:6 SNRV (Sinhala New Revised Version 2018)
මා ගැන දැනුමක් නැති බැවින් මාගේ සෙනඟ විනාශ වී යති. මා ගැන දැනුම ද දේවාඥා ද ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් මට පූජකයන් මෙන් සේවය කිරීමෙහි ලා නුඹලා ද නුඹලාගේ දරුවන් ද මම ප්‍රතික්ෂේප කරමි.
හොසියා 4:6 NIV (New International Version)
my people are destroyed from lack of knowledge. “Because you have rejected knowledge, I also reject you as my priests; because you have ignored the law of your God, I also will ignore your children.