යෙසායා 11:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෙසායා 11:4 SROV (Sinhala Revised Old Version)
ධර්මිෂ්ඨකමෙන් දිළිඳුන් විනිශ්චය කොට, පොළොවේ යටහතුන් උදෙසා යුක්තියෙන් නිශ්චයකරනසේක. ස්වකීය මුඛය නැමති යෂ්ටියෙන් පොළොවට පහරදී, තමන්ගේ තොල්වල හුස්මෙන් දුෂ්ටයන් මරනසේක.
යෙසායා 11:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් එතුමන් දමිටුකමින් දුප්පතුන් විනිශ්චය කරනු ඇත. පොළොවේ පීඩිතයින් සඳහා එතුමන් යුක්ති සහගත තීරණ දෙනු ඇත. එතුමන් තම මුවෙහි ඉපලෙන් පොළොවට පහර දෙනු ඇත. එතුමන් තම තොල්වල හුස්මෙන් දුෂ්ටයින් මරා දමනු ඇත.
යෙසායා 11:4 NRSV (Sinhala New Revised Version)
එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට, යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක. එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක. වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය.
යෙසායා 11:4 SNRV (Sinhala New Revised Version 2018)
එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට, යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක. එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක. වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය.
යෙසායා 11:4 NIV (New International Version)
but with righteousness he will judge the needy, with justice he will give decisions for the poor of the earth. He will strike the earth with the rod of his mouth; with the breath of his lips he will slay the wicked.