බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

යෙසායා 40:26 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

යෙසායා 40:26 SROV (Sinhala Revised Old Version)

නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.

බෙදාගන්න
යෙසායා 40 SROV

යෙසායා 40:26 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබගේ ඇස් ඔසවා, අහස් කුස දෙස බලන්න. මේ සියල්ල මැවුවේ කවුරු ද? තරු මඬුල්ලෙහි එකින් එක පිටතට ගෙනැවිත්, ඒ එකින් එකට නම් කියා හඬ ගසන තැනැත්තාණන් ය. උන්වහන්සේගේ මහත් බලය හා ප්‍රබල ශක්තිය නිසා, ඒ එකකුදු නැති වන්නේ නැත.

බෙදාගන්න
යෙසායා 40 SCV

යෙසායා 40:26 NRSV (Sinhala New Revised Version)

අහස දෙස බලන්න, ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැවුවේ කවරෙක් ද? හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ, ඒවායේ ගණන දැන සිටින්නේ, නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිඳාණෝ ය. එතුමන්ගේ බලයේ මහත්කම නිසා ද එතුමන්ගේ ශක්තියේ බලවත්කම නිසා ද එයින් එකක් වත් නැති නොවේ.

බෙදාගන්න
යෙසායා 40 NRSV

යෙසායා 40:26 SNRV (Sinhala New Revised Version 2018)

අහස දෙස බලන්න, ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැවුවේ කවරෙක් ද? හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ, ඒවායේ ගණන දැන සිටින්නේ, නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිඳාණෝ ය. එතුමන්ගේ බලයේ මහත්කම නිසා ද එතුමන්ගේ ශක්තියේ බලවත්කම නිසා ද එයින් එකක් වත් නැති නොවේ.

බෙදාගන්න
යෙසායා 40 SNRV

යෙසායා 40:26 NIV (New International Version)

Lift up your eyes and look to the heavens: Who created all these? He who brings out the starry host one by one and calls forth each of them by name. Because of his great power and mighty strength, not one of them is missing.

බෙදාගන්න
යෙසායා 40 NIV