යෙසායා 56:6-7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෙසායා 56:6-7 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්වහන්සේට මෙහෙකරන්ටත් උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්ටත් උන්වහන්සේගේ සේවකයන්ව සිටින්ටත් ස්වාමීන්වහන්සේට එකතුවන්නාවූ, සබත් දවස කඩනොකර ඒක රක්ෂාකරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිරලෙස පවත්වන්නාවූ විදේශීන්ද, මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය.
යෙසායා 56:6-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තවද තමන් ම ස්වාමින්වහන්සේට බැඳෙන විදෙස්සන්, උන්වහන්සේට මෙහෙකිරීමටත්, ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රේම කිරීමටත්, උන්වහන්සේගේ සේවකයන් වීමටත්, සබත පවත්වන සියල්ලන්, එය නො කෙලෙසන්නන් හා මගේ ගිවිසුම තදින් ම අල්ලාගත්තවුන්– මම ඔවුන් මගේ ශුද්ධ කන්දට ගෙන ගොස්, මගේ යාච්ඤා ගෘහය තුළ ඔවුනට ප්‍රීතිය දෙන්නෙමි. ඔවුන්ගේ දවන යාග ද පූජා ද, මගේ පූජාසනය මතදී පිළිගනු ලැබේ. මන්ද ‘මගේ ගෘහය, සියලු ජනයින්ට උදෙසා යාච්ඤා ගෘහයකි’ යි හඳුන්වනු ලබනු ඇත.”
යෙසායා 56:6-7 NRSV (Sinhala New Revised Version)
සමිඳුන්ට සේවය කර, එතුමන්ට ප්‍රේම කර, එතුමන්ගේ මෙහෙකරුවන් වන පිණිස එතුමන් සරණ ගිය, සබත් දවස පවත්වා එය නොකෙලසන මාගේ ගිවිසුම ස්ථිර ව පවත්වන විදේශිකයන් ද මාගේ ශුද්ධ කන්දට පමුණුවා, මාගේ යාච්ඤා ගෘහයෙහි ප්‍රීති කරවන්නෙමි. ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ ය. මන්ද, ‘මාගේ දේව මාලිගාව සියලු ජාතීන් හට යාච්ඤා ගෘහය’ය යි කියනු ලබන්නේ ය.
යෙසායා 56:6-7 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳුන්ට සේවය කර, එතුමන්ට ප්‍රේම කර, එතුමන්ගේ මෙහෙකරුවන් වන පිණිස එතුමන් සරණ ගිය, සබත් දවස පවත්වා එය නොකෙලසන මාගේ ගිවිසුම ස්ථිර ව පවත්වන විදේශිකයන් ද මාගේ ශුද්ධ කන්දට පමුණුවා, මාගේ යාච්ඤා ගෘහයෙහි ප්‍රීති කරවන්නෙමි. ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ ය. මන්ද, ‘මාගේ දේව මාලිගාව සියලු ජාතීන් හට යාච්ඤා ගෘහය’ය යි කියනු ලබන්නේ ය.
යෙසායා 56:6-7 NIV (New International Version)
And foreigners who bind themselves to the LORD to minister to him, to love the name of the LORD, and to be his servants, all who keep the Sabbath without desecrating it and who hold fast to my covenant— these I will bring to my holy mountain and give them joy in my house of prayer. Their burnt offerings and sacrifices will be accepted on my altar; for my house will be called a house of prayer for all nations.”