යෙසායා 63:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෙසායා 63:7 SROV (Sinhala Revised Old Version)
මම ස්වාමීන්වහන්සේගේ කරුණාවල්ද, ස්වාමීන්වහන්සේ අපට ගෙන දුන් සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ප්‍රශංසාවල්ද, උන්වහන්සේගේ අනුකම්පාවල හැටියටත් උන්වහන්සේගේ කරුණා රාශියේ හැටියටත් ඉශ්‍රායෙල් වංශයට පැවැත්වූ මහත් යහපත්කමද සඳහන්කරන්නෙමි.
යෙසායා 63:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ද ස්වාමින්වහන්සේගේ ප්‍රශංසනීය ක්‍රියාවන් ද මම නැවත ගණින්නෙමි: ස්වාමින්වහන්සේ අප වෙනුවෙන් ප්‍රදාන කර ඇති සියල්ලට හා ඉශ්‍රායෙල් වංශය උදෙසා වූ ඉමහත් යහපතට අනුව උන්වහන්සේගේ දයානුකම්පාවටත්, අපරිමිත නොමියෙන ප්‍රේමයටත් අනුව උන්වහන්සේ ඒවා ප්‍රදාන කර ඇත්තේ ය.
යෙසායා 63:7 NRSV (Sinhala New Revised Version)
සමිඳුන්ගේ ස්ථිර ප්‍රේමය ගැන ද එතුමාණන් අපට කර ඇති සියල්ල ගැන ද එතුමාණන්ගේ දයානුකම්පාවත්, සීමා රහිත දයාවත් අනුව ඉශ්රායෙල් සෙනඟට දුන් සියලු ආසිරි ගැන ද සිහි කොට මම එතුමන් පසසමි.
යෙසායා 63:7 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳුන්ගේ ස්ථිර ප්‍රේමය ගැන ද එතුමාණන් අපට කර ඇති සියල්ල ගැන ද එතුමාණන්ගේ දයානුකම්පාවත්, සීමා රහිත දයාවත් අනුව ඉශ්රායෙල් සෙනඟට දුන් සියලු ආසිරි ගැන ද සිහි කොට මම එතුමන් පසසමි.
යෙසායා 63:7 NIV (New International Version)
I will tell of the kindnesses of the LORD, the deeds for which he is to be praised, according to all the LORD has done for us— yes, the many good things he has done for Israel, according to his compassion and many kindnesses.