රෝම 16
16
හිත මිතුරන්ට ආචාර
1කෙන්ක්‍රෙයා සභාවේ සේවිකාවක වන ෆීබී නම් අපේ සහෝදරිය මම ඔබට සාදරයෙන් පිළිගන්වමි. 2කිතුනු සොහොයුරියක මෙන්, දෙවියන් වහන්සේගේ සෙනඟට ඔබින සේ, ඇය පිළිගන්නා ලෙසත් ඇයගේ කවර වුවමනාවක දී හෝ ඇයට ආධාරෝපකාර කරන ලෙසත් ඉල්ලමි. මන්ද, ඈ මා ඇතුළු තවත් බොහෝ දෙනෙකුට උදව් උපකාර කළ කෙනෙකි.
3 #
ක්‍රියා 18:2
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ මාගේ සහකාර සේවකයන් වූ, මා උදෙසා දිවි පිදීමට වුව ද කැමැත්ත පෙන් වූ, ප්‍රිස්කාට ද අකිලාට ද මාගේ ආචාරය පිරිනමන්න. 4මා පමණක් නොව, සියලු විජාතික සභාවෝ ද ඔවුන්ට කෘතඥතාව දක්වති. 5ඔවුන්ගේ නිවසේ රැස් වන සභාවටත් මාගේ ආචාරය පිරිනමන්න. ආසියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ වෙත මුලින් ම හැරුණු මාගේ කල්‍යාණ මිත්‍රයෙකු වූ එපීනතස්ට ද 6ඔබ උදෙසා අධික ලෙස වෙහෙස දැරූ මරියාට ද මාගේ ආචාරය පිරිනමන්න. 7මගේ ම රටවැසියන් වූ මා සමඟ සිරගත ව සිටි, අන්ද්‍රෝනිකස්ට හා ජුනියස්ට මාගේ ආචාරය පිරිනමන්න. ප්‍රේරිතයන් අතර කීර්තියක් දරන මොවුහු මට පළමුවෙන් කිතුනුවෝ වූ හ. 8ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේ තුළ මාගේ හිත මිතුරු අම්ප්ලියාතුස්ට ද 9ක්‍රිස්තුන් වහන්සේ තුළ අපගේ සහකාර සේවකයෙකු වූ උර්බානස්ට ද මාගේ හිත මිතුරු ස්තාකිස්ට ද මාගේ ආචාරය පිරිනමන්න. 10ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අචල බැතිමතෙකු වන අපොල්ලස්ට මාගේ ආචාරය පිරිනමන්න. අරිස්තොබුලස්ගේ ගෘහවාසීන්ට ද 11මාගේ නෑයෙකු වන හෙරෝදියෝන්ට ද මාගේ ආචාරය පිරිනමන්න. නාර්කිසස්ගේ ගෘහවාසී කිතුනුවන්ට මාගේ ආචාරය පිරිනමන්න. 12කිතුනු සේවයෙහි නිරත වූ තෘපේනාට ද තෘපෝසාට ද කිතුනුවෙකු මෙන් බොහෝ වෙහෙස දරා සේවය කළ හිතවත් පර්සිස්ට ද මාගේ ආචාරය පිරිනමන්න. 13#මාක් 15:21සමිඳාණන් වහන්සේගේ විශිෂ්ටතම කිතුනුවෙකු වූ රූපස්ට ද මටත් මවක වැනි වූ ඔහුගේ මවට ද මාගේ ආචාරය පිරිනමන්න. 14අසින්ක්‍රිතස්ට ද ප්ලෙගෝන්ට ද හෙරමීස්ට ද පත්‍රෙබස්ට ද හෙර්මස්ට ද ඔහු හා එක් ව වසන සහෝදරයන්ට ද මාගේ ආචාරය පිරිනමන්න. 15පිලොලොගස්ට ද ජූලියාට ද නේරියස්ට හා ඔහුගේ සහෝදරියට ද ඔලිම්පස්ට ද ඔවුන් හා එක් ව වසන දෙවියන් වහන්සේගේ සෙනඟට ද මාගේ ආචාරය පිරිනමන්න. 16සාම සිඹීමකින් එකිනෙකාට මාගේ ආචාරය පිරිනමන්න. ක්‍රිස්තුන් වහන්සේගේ සියලු සභාවෝ ඔබට ආචාර කරති.
අවසාන උපදෙස්
17සහෝදරයෙනි, ඔබ පිළිගත් ධර්මයට විරුද්ධ ව භේද උපදවා අකුල් හෙළන අය ගැන හෝදිසියෙන් සිට, ඔවුන්ගෙන් වැළකී සිටින්න. 18එබඳු අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට නොව, උදරයට සේවය කරති; මිහිරි ඉව්චා බසින් අහිංසක අය මුළා කරති. 19සුබ අස්න කෙරෙහි ඔබගේ කීකරුකම පිළිබඳ කීර්තිය දසදිග පැතිර ඇත. එය මට මහත් ප්‍රීතියකි. එසේ වුව ද, ඔබ යහපතෙහි දක්ෂයන් වී නපුරෙහි අදක්ෂයන් වනු දැක්ම මාගේ ආශාවයි. 20ශාන්තිදායක දෙවියන් වහන්සේ නොබෝ කලකින් සාතන් ඔබගේ පාද යට සුණු විසුණු කරන සේක. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා.
21 #
ක්‍රියා 16:1
මාගේ සහකාර සේවකයෙකු වන තිමෝතියස් ද මාගේ නෑයන් වන ලුසියස් ද ජාසෝන් ද සෝසිපාතර් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාරය එවති. 22(මේ හසුන ලියන තිර්තියස් නම් මම, මාගේත් ආචාරය, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ වෙත මේ සමඟ එවමි.) 23#ක්‍රියා 19:29; 1 කොරි 1:14; 2 තිමෝ 4:20මට ද මුළු සභාවට ද ආගන්තුක සත්කාරය කරන ගායස් ඔබ වෙත ඔහුගේ ආචාරය එවයි. නගර භාණ්ඩාගාරික තැන්පත් එරස්තස් ද සහෝදර ක්වර්තස් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාර එවති. 24අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා! ආමෙන්.
අවසාන යැදුම හා තුති දීම
25දෙවියන් වහන්සේට මහිමය වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ පණිවුඩය හා මා දේශනා කළ සුබ අස්න අනුව ද දීර්ඝ යුගයන්හි සැඟවී තිබී දැන් එළිදරව් කොට ඇති අබිරහස අනුව ද ඔබ ඇදහිල්ලෙහි ස්ථීර ලෙස පිහිටුවීමට උන් වහන්සේ පොහොසත් වන සේක. 26දැන් වනාහි ඒ අබිරහස දිවැසිවරයන්ගේ ලියවිලිවලින් අනාවරණය කර ඇත. සියල්ලන් ම අදහා කීකරු වන පිණිස, සදාතන දෙවියන් වහන්සේගේ ආඥාවෙන් එය සකල ජාතීන්ට ප්‍රකාශකොට ඇත. 27සකල ප්‍රඥාවෙන් යුක්ත වූ අසමසම දෙවියන් වහන්සේට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සදහට ම මහිමය වේ වා! ආමෙන්.
Айни замон обунашуда:
රෝම 16: NRSV
Лаҳзаҳои махсус
Нусха
Муқоиса
Паҳн кунед
Мехоҳед, ки ҷойгир кардаҳои худро дар ҳамаи дастгоҳҳоятон захира кунед? Бақайдгирӣ ё воридшавӣ
Ceylon Bible Society