1
ශු. ලූක් 5:4
Sinhala Revised Old Version
උන්වහන්සේ කථාකොට නිමවූ කල: ගැඹුරට ගොස් මසුන් අල්ලන්ට දැල් හෙළන්නැයි සීමොන්ට කීසේක.
Compare
Explore ශු. ලූක් 5:4
2
ශු. ලූක් 5:5-6
සීමොන් උත්තරදෙමින්: ස්වාමිනි, අපි මුළු රාත්‍රියෙහිම වෙහෙසවීමුව, නුමුත් මොකවත් ඇල්ලුවේ නැත. එහෙත් ඔබගේ වචනය නිසා දැල් හෙළමියි කීවේය. ඔවුන් එසේ කළ විට මසුන් මහත් රාශියක් අසුවිය; ඔවුන්ගේ දැල් ඉරෙන්ට පටන්ගත්තේය
Explore ශු. ලූක් 5:5-6
3
ශු. ලූක් 5:16
නුමුත් උන්වහන්සේ වනාත්තර ස්ථානවලට අහක්ව ගොස් යාච්ඤාකළසේක.
Explore ශු. ලූක් 5:16
4
ශු. ලූක් 5:32
පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් පසුතැවිලිවීමට කැඳවන්ට මම නාවෙමියි කීසේක.
Explore ශු. ලූක් 5:32
5
ශු. ලූක් 5:8
සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දණ ළඟ වැටී: ස්වාමිනි, මා වෙතින් ගිය මැනව; මම පව්කාර මනුෂ්‍යයෙකැයි කිවේය.
Explore ශු. ලූක් 5:8
6
ශු. ලූක් 5:31
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් ඕනෑකමක් නැත.
Explore ශු. ලූක් 5:31
7
ශු. ලූක් 5:11
ඔව්හු තමුන්ගේ ඔරු ගොඩට ඇද, සියල්ල අත්හැර, උන්වහන්සේ අනුව ගියෝය.
Explore ශු. ලූක් 5:11
8
ශු. ලූක් 5:12-13
තවද උන්වහන්සේ එක් නුවරක සිටියදී කුෂ්ඨයෙන් පිරුණු මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු යේසුස්වහන්සේ දැක මුහුණින් වැටී: ස්වාමිනි, ඔබ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කියා උන්වහන්සේට කන්නලව්කෙළේය. උන්වහන්සේ අත දිඟුකොට ඔහු පිට තබා: මම කැමැත්තෙමි; පවිත්‍රවෙන්නැයි ඔහුට කීසේක. එකෙණෙහිම කුෂ්ඨය ඔහුගෙන් පහවගියේය.
Explore ශු. ලූක් 5:12-13
9
ශු. ලූක් 5:15
එහෙත් උන්වහන්සේ ගැන ප්‍රවෘත්තිය වඩ වඩා පතළවිය. බොහෝ සමූහයෝ වචනය අසන්ටත් තමුන්ගේ රෝග සුවකරවා ගන්ටත් රැස්වූහ.
Explore ශු. ලූක් 5:15
Home
Bible
Plans
Videos