1
මාර්ක් 10:45
සිංහල කාලීන පරිවර්තනය
මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් පවා පැමිණියේ, සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් යැ” යි පැවසූ සේක.
Compare
Explore මාර්ක් 10:45
2
මාර්ක් 10:27
යේසුස්වහන්සේ ඔවුන් දෙස බලා, “මිනිසුන්ට මෙය කොහෙත්ම කළ නො හැකි ය. එහෙත් දෙවියන්වහන්සේ සමඟ එසේ නො වේ; දෙවියන්වහන්සේට සියල්ල පුළුවනැ” යි කී සේක.
Explore මාර්ක් 10:27
3
මාර්ක් 10:52
එවිට යේසුස්වහන්සේ, “යන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කළේ යැ” යි පැවසූ සේක. එකෙණෙහිම ඇස් පෙනීම ලද ඔහු, යේසුස්වහන්සේ අනුව ගියේ ය.
Explore මාර්ක් 10:52
4
මාර්ක් 10:9
එබැවින් දෙවියන්වහන්සේ එකට එක් කළ දේ, මිනිසා විසින් වෙන් නො කෙරේවා” යි පැවසූ සේක.
Explore මාර්ක් 10:9
5
මාර්ක් 10:21
යේසුස්වහන්සේ ඔහු දෙස බලා, ඔහුට ප්‍රේම කොට, “ඔබට තව එක් දෙයක් අඩුයි. ගොස්, ඔබ සතු හැම දෙයක්ම විකුණා, දිළිඳුන්ට දෙන්න. එවිට ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත. ඉන්පසු ඇවිත් මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.
Explore මාර්ක් 10:21
6
මාර්ක් 10:51
“මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. අන්ධ මිනිසා පිළිතුරු දෙමින්, “රබ්බී, මට යළි පෙනීම ලබන්නට ඕනෑ” යි කීවේ ය.
Explore මාර්ක් 10:51
7
මාර්ක් 10:43
එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා වන්නට කැමති තැනැත්තා, ඔබගේ සේවකයා විය යුතුයි.
Explore මාර්ක් 10:43
8
මාර්ක් 10:15
සැබවින් ම මා ඔබට කියන්නේ, යමකු දරුවකු සේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිගන්නේ නැතිනම්, ඔහු එහි ඇතුළු වන්නේ නැතැ” යි පැවසූ සේක.
Explore මාර්ක් 10:15
9
මාර්ක් 10:31
එහෙත් ප්‍රථමයින් බොහෝ දෙනෙක් අන්තිමයින් ද අන්තිමයින් ප්‍රථමයින් ද වනු ඇතැ” යි කී සේක.
Explore මාර්ක් 10:31
10
මාර්ක් 10:6-8
එහෙත් මැවීමේ ආරම්භයේ සිට, ‘දෙවියන්වහන්සේ ඔවුන් මැවුවේ, පිරිමියා හා ගැහැනිය ලෙසයි.’ ‘මිනිසෙක් තම පියා හා මව අත්හැර තම භාර්යාවට බැඳෙන්නේ මේ නිසා ය. මෙසේ තවදුරටත් ඔවුහු දෙදෙනකු නො ව එක මාංසයක් වෙති.’
Explore මාර්ක් 10:6-8
Home
Bible
Plans
Videos