1
මාර්ක් 5:34
සිංහල කාලීන පරිවර්තනය
එවිට ඇය ඇමතූ උන්වහන්සේ, “දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇත; සාමයෙන් යන්න, පීඩාවෙන් සුවය ලබන්නැ” යි පැවසූ සේක.
Compare
Explore මාර්ක් 5:34
2
මාර්ක් 5:25-26
පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්රියක් ද එහි වූවා ය. බොහෝ වෙදුන් යටතේ නො විඳිනා දුක් විඳි මැය, තමන් සතුව තිබූ සියල්ල වියදම් කළ නමුදු, ඇගේ රෝගී තත්වය උග්ර වූවා මිස, සුවය ලද්දේ නැත.
Explore මාර්ක් 5:25-26
3
මාර්ක් 5:29
එකෙණෙහිම ඇගේ ලේ ගැලීම නැවතිණි; විඳි වේදනාවෙන් තමා නිදහස් වූ වග ඇගේ ගතට දැනිණි.
Explore මාර්ක් 5:29
4
මාර්ක් 5:41
යේසුස්වහන්සේ ඇගේ අත අල්ලා, “තලිතා කූම්!” යි කී සේක. මෙහි අරුත, “දැරිය නැගිටින්නැයි! මම ඔබට කියමි” යනුයි.
Explore මාර්ක් 5:41
5
මාර්ක් 5:35-36
උන්වහන්සේ එසේ කියද්දීම, සිනගෝග පාලක යායිරස්ගේ නිවසින් ආ ඇතමෙක්, “ඔබේ දියණිය මිය ගියා; තවදුරටත් ගුරු හිමියන් වෙහෙසන්නේ කුමට දැ?” යි කීහ. ඔවුන් කී දෑ ඇසුණු නමුත් යේසුස්වහන්සේ සිනගෝග පාලකයා අමතා, “බය නො වන්න, විශ්වාසයෙන්ම සිටින්නැ” යි කී සේක.
Explore මාර්ක් 5:35-36
6
මාර්ක් 5:8-9
මන්ද, “අපවිත්ර ආත්මය, මේ මිනිහාගෙන් දුරුවෙනු!” යි යේසුස්වහන්සේ පැවසූ බැවිනි. “තමාගේ නම කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. හෙතෙම පිළිතුරු දෙමින්, “මගේ නම සේනාවයි. මන්ද අප බොහෝ දෙනෙකැ” යි පැවසී ය.
Explore මාර්ක් 5:8-9
Home
Bible
Plans
Videos