ක්‍රියා 26
26
අග්‍රිපා රජු ඉදිරිපිටදී ප්‍රේරිත තැන කළ උත්තරදීමේ කථාව
1එවිට අග්‍රිපා තෙමේ: නුඹ ගැන උත්තරදෙන්ට නුඹට අවසර තිබේයයි පාවුල්ට කීවේය. එකල පාවුල් අත දිගුකොට තමා ගැන මෙසේ උත්තරදුන්නේය–
2අග්‍රිපා රජ්ජුරුවනි, යුදෙව්වරුන් විසින් මට තබන සියලු වැරදි ගැන අද ඔබ ඉදිරියෙහි උත්තරදෙන්ට මා සිටින බැවින් මම වාසනාවන්තයෙකැයි සිතමි. 3ප්රධානකොටම එසේ සිතන්නේ යුදෙව්වරුන් අතරේ පවතින සියලු සිරිත්ද වාදද ඔබට හොඳාකාර තේරෙන නිසාය. එහෙයින් මාගේ වචන ඉවසිල්ලෙන් අසන ලෙස ඉල්ලමි. 4යෞවන අවස්ථාවේ පටන් මාගේ ජාතීන් අතරෙහිද යෙරුසලමෙහිද මාගේ හැසිරීම මුල පටන් සියලු යුදෙව්වරු දනිති. 5ඔවුන් සාක්ෂිදෙන්ට කැමති නම් අපේ ආගමේ ඉතා දෘඪතර ලබ්ධිය අනුව මා ඵරිසියෙක්ව ජීවත්වූ බව මුල පටන් මා අඳුනන ඔව්හු දනිති. 6දෙවියන්වහන්සේ විසින් අපේ පියවරුන්ට දෙනලද පොරොන්දුව බලා සිටීම ගැන මම දැන් විනිශ්චයකරනු ල බන්ට සිටිමි. 7අපගේ දොළොස් ගෝත්‍රයෝ රෑ දාවල් උනන්දුකමින් දෙවියන්වහන්සේට සේවයකරමින්, ඒ පොරොන්දුවට පැමිණෙන්ට බලාපොරොත්තුව සිටිති. රජ්ජුරුවනි, යුදෙව්වරුන් මට වරද තබන්නේ මේ බලාපොරොත්තුව ගැනයි. 8දෙවියන්වහන්සේ මළවුන් නැගුටුවනසේක් නම් එය විශ්වාසකරන්ට බැරි දෙයක්යයි මක්නිසා කල්පනාකරන්නහුද? 9නාසරිය යේසුස්වහන්සේගේ නාමයට විරුද්ධව බොහෝ දේ මා විසින් කටයුතුයයි මමත් සිතුවෙමි. 10එලෙසම යෙරුසලමේදීත් කෙළෙමි. නායක පූජකයන්ගෙන් බලය ලැබ, ශුද්ධවන්තයන්ගෙන් බොහෝ දෙනෙකු හිරගෙවල දැමුවෙමි, ඔවුන් මරණයට පත්කරන කල්හි ඊට කැමැත්තද දුනිමි. 11තවද සියලු සිනගෝගවලදී නොයෙක්විට ඔවුන්ට දඬුවම්කරමින්, ඔවුන් ලවා අපහාසකරවන්ට උත්සාහකෙළෙමි; මම ඔවුන් ගැන අතිශයෙන් උමතුව සිට, අන් නුවරවල් දක්වාත් ඔවුන්ට පීඩාකෙළෙමි. 12ඒ ගැන නායක පූජකයන්ගෙන් බලයද අවසරද ලැබ, දමස්කයට මා ගමන්කරද්දී, 13රජ්ජුරුවනි, මාර්ගයෙහිදී ඉරමුදුන් වේලෙහි, මාද මා සමඟ යන්නාවුන්ද වටකර සූර්ය තේජසට වැඩිවූ එළියක් බබළනවා දුටිමි. 14අප සියල්ලෝම බිම වැටුණු කල: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාද? කෙවිටට පයින් ගැසීම නුඹට අන්තරාදායකයයි හෙබ්‍රෙව් භාෂාවෙන් මට කියන්නාවූ ශබ්දයක් ඇසීමි. 15මමද: ස්වාමිනි, ඔබ කවුදැයි ඇසුවෙමි. ස්වාමීන්වහන්සේද: මම නම් නුඹ පීඩාකරන යේසුස්ය. 16නුමුත් නැගිට කෙලින් සිටින්න. මක්නිසාද යම් යම් දේ සඳහා නුඹ මා දුටුයෙහිද, නුඹට ප්‍රකාශවන්නෙම්ද, ඒ දේවල් ගැන නුඹ සේවකයෙක්ද සාක්ෂිකාරයෙක්ද කොට නියමකරන පිණිස මම නුඹට පෙනුණෙමි. 17සෙනඟගෙන්ද අන්‍යජාතීන්ගෙන්ද නුඹ ගළවන්නෙමි; මා කෙරෙහි ඇදහීමෙන් ඔවුන් පව්කමාවද පිරිසිදු කරනු ලැබූ අයවලුන් අතරෙහි උරුමයක්ද ලබන පිණිස, 18ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතටද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්ට ඔවුන් වෙතට නුඹ යවමියි කීසේක. 19එසේහෙයින්, අග්‍රිපා රජ්ජුරුවනි, මම ස්වර්ගීය දර්ශනයට අකීකරු නොවී, 20පළමුකොට දමස්කයේද පසුව යෙරුසලමේද යූදා රට මුළුල්ලෙහිද වසන්නන්ටත්, අන්‍යජාතීන්ටත්, පසුතැවිලිව දෙවියන්වහන්සේ වෙතට හැරී, පසුතැවිල්ලට සුදුසු ක්‍රියාවන් කරන්ට කියා ප්‍රකාශකෙළෙමි. 21මේ කාරණය නිසා යුදෙව්වරු දේවමාළිගාවේදී මා අල්ලා මරන්ට හැදුවෝය. 22එසේවී නුමුත් දෙවියන්වහන්සේගෙන් වන පිහිට ලැබ, ලොකු කුඩා අයට සාක්ෂිදෙමින්, ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳින්ට ඕනෑ බව සහ පළමුකොට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ සෙනඟටද අන්‍යජාතීන්ටද එළිය ප්‍රකාශ කරනසේකැයි යන 23අනාගතවක්තෘවරුන් විසින්ද මෝසෙස් විසින්ද මතු සිද්ධවන්නේයයි කියනලද කාරණා ගැන මිස වෙන කිසිවක් නොකියා අද දක්වා සිටිමියි කීයේය.
24ඔහු මෙසේ තමා ගැන උත්තරදෙද්දී පාවුල්, නුඹට ඔල්මාදය; බොහෝ උගත්කමෙන් නුඹ ඔල්මාදවී සිටින්නෙහියයි පෙස්තුස් මහත් හඬින් කීවේය. 25නුමුත් පාවුල්: උත්තම පෙස්තුස්නි, මට ඔල්මාද නැත; මම සත්‍යවූ සිහියට හුරුවූ වචන කියමි. 26මේ දේවල් රජ්ජුරුවන්ට තේරෙන්නේය, එබැවින් එතුමාට නිදහස්ලෙස කථාකරමින්, මක්නිසාද මෙය මුල්ලකදී නොකළ බැවින් මේ දේවලින් කිසිවක් එතුමාට සැඟවී නැතැයි විශ්වාසකරමි. 27අග්‍රිපා රජ්ජුරුවෙනි, ඔබ අනාගතවක්තෘවරුන් විශ්වාසකරන්නෙහිද? විශ්වාසකරන බව මම දනිමියි කීවේය. 28එවිට අග්‍රිපා කථාකොට: වැඩි පෙළඹීමක් නැතුවම නුඹ මා ක්‍රිස්තියානිකාරයෙක් කරන්ට සිතනවායයි පාවුල්ට කීවේය. 29පාවුල් කථාකොට: ඔබ පමණක් නොව අද මාගේ වචන අසන සියල්ලන්ද, වැඩියෙන් හෝ අඩුවෙන් හෝ, මේ බැඳුම් හැර මා වාගේ වෙන ලෙස දෙවියන්වහන්සේට යාච්ඤාකරමියි කීවේය.
30එවිට රජද ආණ්ඩුකාරයාද බර්නීකිද ඔවුන් සමඟ උන් තැනැත්තෝද නැගිට, 31ඉවතට ගොස්: මේ මනුෂ්‍යයා මරණයටවත් බැඳුම්වලටවත් සුදුසු කිසිදෙයක් කරනවා නොවේයයි ඔවුනොවුන් කථාකරගත්තෝය. 32අග්‍රිපා පෙස්තුස්ට කථාකොට: මේ මනුෂ්‍යයා කායිසර්ගේ විනිශ්චය නොඉල්ලුවා නම් ඔහුව මුදාහරින්ට පුළුවන්ව තිබුණේයයි කීවේය.
Currently Selected:
ක්‍රියා 26: SROV
Highlight
Share
Copy
![None](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapistaging.com%2F58%2Fhttps%3A%2F%2Fweb-assets.youversion.com%2Fapp-icons%2Fen.png&w=128&q=75)
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society