රෝම 3
3
විරුද්ධ ප්‍රශ්නවලට උත්තර
1එසේවී නම් යුදෙව්වාට ඇති වාසිය මොකද? නොහොත් චර්මඡේද්‍යයෙන් ඇති ප්‍රයෝජනය මොකද? 2සියලු ආකාරයෙන් බොහෝය. පළමුවෙන්ම, දෙවියන්වහන්සේගේ වාක්‍ය ඔවුන්ට භාරදෙනලද්දේය. 3ඉඳින් සමහරෙක් ඇදහිල්ල නැතුව සිටියොත් කිමෙක්ද? ඔවුන්ගේ ඇදහිලි නැතිකමෙන් දෙවියන්වහන්සේගේ විශ්වාසකම හිස්වේද? 4එසේ නොවේවා.
ඔබවහන්සේගේ වචනවලින් ඔබ සාධාරණව පෙනෙන පිණිසත් ඔබ විනිශ්චයකරනු ලබන කල ජය ගන්න පිණිසත්ය
කියා ලියා තිබෙන ලෙස, සියලු මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත් දෙවියන්වහන්සේ සැබෑ බව පෙනේවා. 5එහෙත් (මම මනුෂ්‍ය ව්‍යවහාරය ලෙස කථාකරමි) අපේ අධර්මිෂ්ඨකම කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වර්ණනාකරනු ලැබේ නම් කුමක් කියමුද? උදහස පාන්නාවූ දෙවියන්වහන්සේ අධර්මිෂ්ඨද? 6එසේ නොවේවා. එසේ වුවොත් දෙවියන්වහන්සේ ලෝකයා විනිශ්චයකරන්නේ කොහොමද? 7නුමුත් මාගේ බොරුව කරණකොටගෙන දෙවියන්වහන්සේගේ මහිමය පිණිස උන්වහන්සේගේ සැබෑකම වැඩිවූයේ නම් මමත් මක්නිසා පව්කාරයෙකු මෙන් තවත් විනිශ්චයකරනු ලබම්ද? 8ඒ හැටියට යහපත සිද්ධවීම පිණිස නපුර කරමුයයි නොකියමුද? (අපි එසේ කියමුයයි අපට අපහාස වශයෙන් සමහරු අප ගැන කියති.) ඔවුන්ගේ දඬුවම සාධාරණය.
ලෝකවාසී සියලු දෙනා වරදකාරයන් බව
9එසේවී නම් කිමෙක්ද? අපි ඔවුන්ට වඩා අඩු තත්ත්වයකද? කිසිසේත් නැත. මක්නිසාද යුදෙව්වරුද ග්‍රීක්වරුද යන සියල්ලෝ පාපයට යටත්ව සිටිතියි කියා අපි පළමු දොස්තැබුවෙමුව. 10ඒ ගැන මෙසේ ලියා තිබේ:
ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත;
11තේරුම්ගන්නාවූ කිසිවෙක් නැත, දෙවියන්වහන්සේ සොයන්නාවූ කෙනෙක් නැත;
12ඔවුන් සියල්ලෝ අහක්ව ගියෝය, එක්ව නිෂ්ප්‍රයෝජනවූවෝය;
යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක් පමණවත් නැත.
13ඔවුන්ගේ උගුර විවරවූ මිනීවළක්ය;
ඔව්හු තමුන්ගේ දිව්වලින් වංචාකම් කළෝය.
ඔවුන්ගේ තොල් යට පොළොං විෂ තිබේ.
14ඔවුන්ගේ මුඛය ශාපයෙන්ද තික්තකමෙන්ද පූර්ණය.
15ඔවුන්ගේ පාද ලේ වැගිරීමට කඩිසරය;
16ඔවුන්ගේ මාර්ගවල විනාශයත් කාලකණ්ණිකමත් තිබේ;
17ඔව්හු සමාදානයේ මාර්ගයද දැන නොගත්තෝය.
18ඔවුන්ගේ ඇස් හමුවෙහි දෙවියන්වහන්සේ කෙරෙහි භයක් නැත යනුයි.
19ඉඳින් ව්‍යවස්ථාවෙහි කියනලද සියල්ලම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියනලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන්වහන්සේගේ විනිශ්චයට යටත්කරනු ලබන පිණිසත්ය. 20කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.
ක්‍රිස්තුස්වහන්සේ තුළ ධර්මිෂ්ඨකම සපයාදී තිබෙන බව
21නුමුත් දැන් වනාහි ව්‍යවස්ථාව නැතුව, ව්‍යවස්ථාව සහ අනාගතවක්තෘවරුන්ගෙන් සාක්ෂි ලබමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමක් ප්‍රකාශකරනලද්දේය. 22එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අදහන්නාවූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය; ප්‍රභේදයකුත් නැත; 23මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. 24එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති. 25ඇදහීම කරණකොටගෙන උන්වහන්සේ ස්වකීය ලෙයින් පව් නසන පූජාවක් වෙන්ට දෙවියන්වහන්සේ නියමකළසේක. කුමටද? දෙවියන්වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා, පසුගිය පව් ගණන් නොගෙනහැරීම කරණකොටගෙන, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය. 26එනම් තමන්වහන්සේ ධර්මිෂ්ඨවෙන හැටියටද, යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලි ඇත්තා ධර්මිෂ්ඨකරන්නා හැටියටද, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම මේ කාලයේදී දක්වන පිණිසය. 27එසේවී නම් පාරට්ටුකර ගැනීම කොයිද? එය බැහැරකරනලද්දේය. කෙබඳු ව්‍යවස්ථාවකින්ද? ක්‍රියාවල ව්‍යවස්ථාවෙන්ද? නැත; ඇදහීමේ ව්‍යවස්ථාවකින්ය. 28එහෙයින් මනුෂ්‍යයෙක් ව්‍යවස්ථාවේ ක්‍රියා නැතුව ඇදහීමෙන් ධර්මිෂ්ඨකරනු ලැබේයයි අපි ගණන්ගනිමුව. 29නැත්නම් දෙවියන්වහන්සේ යුදෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ පමණක්ද? අන්‍යජාතීන්ගේත් දෙවියන්වහන්සේ නොවේද? එසේය, අන්‍යජාතීන්ගේත් දෙවියන්වහන්සේය. 30දෙවියන්වහන්සේ එකම කෙනෙක්ව සිටිමින්, චර්මඡේදිතයන් ඇදහිල්ලෙන්ද අචර්මඡේදිතයන් ඇදහිල්ල කරණකොටගෙනද ධර්මිෂ්ඨකරනසේක. 31එසේවී නම් අපි ඇදහිල්ල කරණකොටගෙන ව්‍යවස්ථාව අවලංගුකරමුද? එසේ නොවේවා. අපි ව්‍යවස්ථාව ස්ථිරකරමුව.
Currently Selected:
රෝම 3: SROV
Highlight
Share
Copy

Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society