YouVersion Logo
Search Icon

නික්මයාම 38

38
පූජාසනය සෑදීම
(නික්ම 27:1-8)
1ඔහු ෂිටිම් ලීයෙන් දවන යාග පුදන පූජාසනය සෑදී ය. එහි දිග මීටර් දෙකයි දශම දෙකක් ද පළල මීටර් දෙකයි දශම දෙකක් ද උස මීටර් එකයි දශම තුනක් ද වූ අතර එය චතුරස්‍රාකාර විය. 2එහි කොන් හතරේ පිටතට නෙරා ගිය අං හතර සාදා, පූජාසනය සමඟ ඒකාබද්ධ වන සේ ඒවා පාස්සා ලෝකඩයෙන් ආලේප කෙළේ ය. 3ඉන්පසු එහි උපකරණ වන බඳුන් හා ඉස්කෝප්ප හැඳි ද පාත්‍ර හා අඬු ද ගිනි කබල් ද යන සියල්ල ලෝකඩයෙන් ම නිම කෙළේ ය. 4තවද, ඊට දැලක අයුරින් ලෝකඩයෙන් මැස්සක් සාදා, පූජාසනයේ පහළ සිට එහි මැද හරියට වන තරම්, එහි ගැටිය යට එය තැබී ය. 5පසුව පොලු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ හතර කොනේ වළලු හතරක් යෙදී ය. 6ෂිටිම් ලීයෙන් පොලු ද සාදා ඒවා ලෝකඩයෙන් ආලේප කෙළේ ය. 7ඉන්පසු පූජාසනය උසුලාගෙන යෑමට එහි පැතිවල තිබූ වළලු තුළින් පොලු දැමී ය. පූජාසනය තුළ ද කුහරයක් ඇති වන සේ එය ලෑලිවලින් සෑදී ය.
වතුර භාජන සෑදීම
(නික්ම 30:18)
8 # නික්ම 30:18 ඉන්පසු ඔහු සම්මුඛ කූඩාරමට ඇතුළු වන දොරටුව ළඟ සේවා කළ කාන්තාවන්ගේ ලෝකඩ කැඩපත්වලින් වතුර භාජනය සහ එහි ලෝකඩ අඩිය සෑදී ය.
මණ්ඩපයේ මළුව සෑදීම
(නික්ම 27:9-19)
9ඔහු මළුව ද තනා එහි දකුණු පැත්තට මුහුණ දුන් දක්ෂිණ අංශයේ තිර සිහින් ව ගෙතූ හණවලින් සෑදී ය. ඒවායේ දිග මීටර් හතළිස්හතරක් විය. 10ඊට ලෝකඩයෙන් නිම කළ කුලුණු විස්සක් හා තවු විස්සක් ද විය. කණුවල කොකු සහ පොලු රිදීයෙන් සෑදිණි. 11මළුවේ උතුරු පැත්තට ද මීටර් හතළිස්හතරක් දිග තිර සාදන ලදී. ඒවාට කුලුණු විස්සක් ද ලෝකඩ තවු විස්සක් ද වූ අතර කුලුණුවල කොකු සහ පොලු රිදීයෙන් නිම විය. 12එහි බටහිර පැත්තට ද මීටර් විසිදෙකක් දිග තිර සෑදු අතර ඒවාට කුලුණු දහයක් ද තවු දහයක් ද සාදන ලදී. කුලුණුවල කොකු සහ ඒවායේ පොලු රිදීයෙන් විය. 13නැගෙනහිර පැත්තට මුහුණ දුන් නැගෙනහිර අංශයේ තිරයේ දිග ද මීටර් විසිදෙකක් විය. 14දොරටුවේ එක පැත්තකට මීටර් හයයි දශම හයක් දිග තිර විය. ඒවාට කුලුණු තුනක් හා තවු තුනක් ද විය. 15මළුවට ඇතුළු වන දොරටුවේ අනික් පැත්තටත්, එලෙස ම තව දෙපැත්තකටත් මීටර් හයයි දශම හයක් ද දිග තිර විය. ඒවාට කුලුණු තුනක් හා තවු තුනක් ද විය. 16තවද, මළුව වටේට ම සෑදූ තිර සිහින් ව කටින ලද හණවලින් විය. 17කුලුණුවල තවු ලෝකඩයෙනුත් ඒවායේ කොකු සහ පොලු ද ඒවායේ පේකඩ වැස්ම ද රිදීයෙනුත් විය. මළුවේ කුලුණු සියල්ල රිදී පොලුවලින් යා කරන ලදී. 18මළුවට ඇතුළු වන දොරටුවේ තිර ගෙත්තම් කොට මල් වැඩ දැමූ, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද විය. ඒවායේ දිග මීටර් නවයකි, උස මීටර් දෙකකි. ඒවා මළුවේ තිර හා සමාන විය. 19ඒවාට කුලුණු හතරකි, ලෝකඩයෙන් පොලු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ හතර සෑදූ තවු හතරකි. ඒවායේ කොකු ද පේකඩ වැස්ම සහ පොලු ද රිදීයෙන් විය. 20තවද, මණ්ඩපයේ සහ මළුව වටේට ම වූ කූඤ්ඤ සියල්ල ලෝකඩයෙන් විය.
ශුද්ධස්ථානය සෑදීමට ගත් ලෝහ
21සාක්ෂි ගිවිසුම් කරඬුව තැබූ මණ්ඩපය සෑදීමට ගත් ලෝහ වර්ගවල ප්‍රමාණය මෙසේ විය. මේ ලැයිස්තුව මෝසෙස් විසින් අණ කරන ලදු ව, ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ වැඩ කළ ලෙවීවරුන් විසින් පිළියෙළ කරන ලදී. 22තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සෑදීමට අණ කළ සියල්ල, ජුදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් විසින් සාදන ලදී. 23තවද, ඔහු සමඟ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍ර ඔහොලියාබ් ද විය. මොහු කැටයම් වැඩ කරන්නෙකි, ගෙත්තම්කරුවෙකි, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් සහ සිහින් ව කටින ලද හණ ගෙත්තම් කොට මල් වැඩ දමන්නෙකි.
24සමිඳාණන් වහන්සේට කැප කළ, ශුද්ධස්ථානයේ කර්මාන්ත සියල්ලට භාවිතා කළ රත්රන්වල ප්‍රමාණය, කිලෝග්‍රෑම් දාහක් හා ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් ද විය. 25#නික්ම 30:11-16ජන සංගණනය අනුව ලබාගත් රිදී ප්‍රමාණය ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් විය. 26#මතෙ 17:24සංගණනයට ඇතුළත් වූ වයස අවුරුදු විස්සක් හා ඊට වැඩි වූ සෑම කෙනෙකුගෙන් ම ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව නියම මිල ගන්නා ලදී. මෙසේ සංගණනයට ඇතුළත් වූ පිරිමි හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් වූ හ. 27ශුද්ධස්ථානයේ හා තිරවල තවු සඳහා, එනම් තවු එකකට කිලෝග්‍රෑම් තිස්හතර බැගින් තවු සියයකට රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් පාවිච්චි කරන ලදී. 28ඉතිරි වූ රිදී කිලෝග්‍රෑම් තිහ කුලුණුවල කොකු සෑදීමටත්, කුලුණුවල පේකඩවල මුදුනේ ගෑමටත්, ඒවායේ පොලුවලටත් භාවිතා කරන ලදී. 29සමිඳාණන් වහන්සේට පිදූ ලෝකඩවල ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙදාස් හාරසිය විසිපහක් විය. 30එයින් ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරටුවට තවු ද ලෝකඩ පූජාසනය සහ ලෝකඩ මැස්ස ද පූජාසනයේ සියලු උපකරණ ද 31මළුව වටේට තිබූ තවු ද මළු දොරටුවේ තවු ද මණ්ඩපයේ හා මළුව වටේ තිබූ කූඤ්ඤ සියල්ල ද සෑදී ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in