ශු. යොහන් 5
5
බෙතෙස්දාවේ කොරාට සුවකිරීම
1ඉන්පසු යුදෙව්වරුන්ගේ මංගල්‍යයක් විය; යේසුස්වහන්සේද යෙරුසලමට ගියසේක. 2යෙරුසලමෙහි බැටළුදොර ළඟ හෙබ්‍රෙව් භාෂාවෙන් බෙතෙස්දා නම්වූ මණ්ඩප පහක් ඇති පොකුණක් තිබේ. 3ඒවායේ අන්ධයෝය, කොරුය, වියළි අවයව ඇත්තෝය යන රෝගීන් සමූහයක් ඔත්පළව උන්නෝය.#5:3 දේවදූතයෙක් බැස පොකුණේ වතුර කැළඹීමක් ගැන 4 වෙනි පදයක් පුරාණ පිටපත් කීපයක පෙනේ. 5තිස්අට අවුරුද්දක් දුර්වලකමෙන් පීඩිතවූ එක්තරා මනුෂ්‍යයෙක් එහි සිටියේය. 6ඔහු ඔත්පළව ඉන්නවා යේසුස්වහන්සේ දැක, ඔහු දැනට බොහෝ කලක සිට ඒ ආකාරව සිටි බව දැන: නුඹ සුවය ලබන්ට කැමැත්තෙහිදැයි ඔහුගෙන් ඇසූසේක. 7රෝගියා උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමිනි, වතුර කැලඹෙනකල මා පොකුණට බස්වන්ට කිසිවෙක් මට නැත. මා යන කල වෙන කෙනෙක් මට පළමුවෙන් බසින්නේයයි කීවේය. 8නැගිට නුඹේ යහන රැගෙන යන්නැයි යේසුස්වහන්සේ ඔහුට කීසේක. 9එකෙණෙහිම ඒ මනුෂ්‍යයා සුවපත්ව, තමාගේ යහන රැගෙන ගියේය.
10ඒ දවස සබත් දවසය. එහෙයින් යුදෙව්වරු: අද සබත් දවසය, යහන රැගෙන යන්ට යුතු නැතැයි සුවකරනු ලැබූ මනුෂ්‍යයාට කීවෝය. 11නුමුත් ඔහු ඔවුන්ට උත්තරදෙමින්: මා සුවකළ තැනැත්තේම–නුඹේ යහන රැගෙන යන්නැයි මට කීසේකැයි කීවේය. 12නුඹේ යහන රැගෙන යන්නැයි නුඹට කී මනුෂ්‍යයා කවුදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය. 13ඒ ස්ථානයේ සමූහයක් සිටි බැවින් යේසුස්වහන්සේ අහක්ව ගොස් සිටිසේක; එබැවින් සුවකරනු ලැබූ මනුෂ්‍යයා උන්වහන්සේ කවුද කියා දැන නොගත්තේය. 14ඉන්පසු යේසුස්වහන්සේ දේවමාළිගාවේදී ඔහු දැක: බලන්න, නුඹ සුවය ලැබුවෙහිය. නුඹට මීට වඩා නරකක් සිදු නොවන පිණිස, තවත් පව් නොකරන්නැයි ඔහුට කීසේක. 15ඒ මනුෂ්‍යයා ගොස් යේසුස්වහන්සේ විසින් තමාට සුවකළ බව යුදෙව්වරුන්ට දැන්විය. 16යේසුස්වහන්සේ මේ දේ සබත් දවසේදී කළ නිසා යුදෙව්වරු උන්වහන්සේට පීඩාකළෝය. 17නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ පියාණන්වහන්සේ මේ දක්වාම ක්‍රියාකරනසේක, මමත් ක්‍රියාකරමියි කීසේක. 18එබැවින් උන්වහන්සේ සබත් කඩකළා පමණක් නොව, දෙවියන්වහන්සේ තමන්ගේම පියාණෝයයි කියමින්, තමන් දෙවියන්වහන්සේ හා සමාන කරගත් නිසා, යුදෙව්වරු උන්වහන්සේ මරන්ට වඩ වඩා සෙවුවෝය.
යේසුස්වහන්සේ පියාණන්වහන්සේ හා තමන් අතරේ වූ සම්බන්ධකම දැක්වීම
19එබැවින් යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි–පියාණන්වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද උන්වහන්සේ යමක් කරනසේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය. 20කුමක්හෙයින්ද පියාණන්වහන්සේ පුත්‍රයාට ප්‍රේමකරනසේක, තමන්වහන්සේ කරන්නාවූ සියල්ල ඔහුට පෙන්වනසේක. නුඹලා මවිතවන පිණිස මීට වඩා මහත් ක්‍රියාවලුත් ඔහුට පෙන්වනසේක. 21මක්නිසාද පියාණන්වහන්සේ මළවුන් නැගුටුවා ජීවත්කරන්නාක්මෙන් පුත්‍රයාත් තමන් කැමතිවූවන් ජීවත්කරන්නේය. 22තවද සියල්ලන් විසින් පියාණන්වහන්සේට ගෞරවකරන්නාක් මෙන්ම පුත්‍රයාටත් ගෞරවකරන පිණිස, 23පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්නා ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව නොකරයි. 24සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි. 25සැබවක් සැබවක් නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ හඬ මළවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය, දැනුත් පැමිණ තිබේ; අසන අය ජීවත්වන්නෝය. 26මක්නිසාද පියාණන්වහන්සේ තමන් තුළම ජීවනය ඇතුව සිටින්නාක්මෙන් පුත්‍රයාටත් තමන් තුළම ජීවනය ඇතුව සිටින්ට උන්වහන්සේ වරය දුන්සේක. 27ඔහු මනුෂ්‍ය පුත්‍රයා බැවින් විනිශ්චයකරන්ටද බලය දුන්සේක. 28මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, 29යහපත්කම් කළාහු ජීවනයේ නැවත–නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත–නැගිටීමටත් පිටත්ව එන්නෝය.
යේසුස්වහන්සේ පුත්‍රයාණන් බවට දිව්‍ය සාක්ෂි දැක්වීම
30මට තනියම කිසිවක් කරන්ට නුපුළුවන. මම අසන පරිද්දෙන්ම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය ධර්මිෂ්ඨය; මක්නිසාද මාගේම කැමැත්ත නොව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත සොයමි. 31මම මා ගැනම සාක්ෂිදෙම් නම්, මාගේ සාක්ෂිය සැබෑ නොවේ. 32මා ගැන සාක්ෂිදෙන්නේ වෙන කෙනෙක්ය; උන්වහන්සේ විසින් මා ගැන දෙන සාක්ෂිය සැබෑ බව දනිමි. 33නුඹලා යොහන් ළඟට මනුෂ්‍යයන් යැවූහුය, ඔහු සත්‍යතාව ගැන සාක්ෂිදුන්නේය. 34එහෙත් මා ලබන සාක්ෂිය මනුෂ්‍යයන්ගෙන් නොවේ. එසේ වුවත් නුඹලා ගැළවෙන පිණිස මේ දේ කියමි. 35ඔහු ඇවිළෙන්නාවූ බබළන්නාවූ පහනව සිටියේය. නුඹලාද කාලයක් ඔහුගේ එළියෙහි ප්‍රීතිමත්වන්ට කැමැතිව සිටියහුය. 36නුමුත් මට ඇත්තාවූ සාක්ෂිය යොහන්ගේ සාක්ෂියට වඩා උතුම්ය. මක්නිසාද මා විසින් ඉෂ්ටකරන පිණිස පියාණන්වහන්සේ මට භාරදුන්නාවූ මා කරන්නාවූ වැඩම, පියාණන්වහන්සේ මා එවූ බවට මා ගැන සාක්ෂිදෙයි. 37තවද මා එවූ පියාණන්වහන්සේම මා ගැන සාක්ෂිදුන්සේක. නුඹලා කිසිකලක උන්වහන්සේගේ හඬ ඇසුවේවත් උන්වහන්සේගේ රූපාකාරය දුටුවේවත් නැත. 38උන්වහන්සේගේ වචනය නුඹලා තුළ පවතින්නෙත් නැත. මක්නිසාද උන්වහන්සේ විසින් එවනලද තැනැත්තා නුඹලා විශ්වාසකරන්නේ නැත. 39ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි; 40නුමුත් නුඹලා ජීවනය ලබන පිණිස මා ළඟට එන්ට කැමැති නැත. 41මම මනුෂ්‍යයන්ගෙන් ගෞරවය නොලබමි. 42නුමුත් නුඹලා අඳුනමි, දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමය නුඹලා තුළ නැති බව දනිමි. 43මම මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ඇවිත් සිටිමි, නුමුත් නුඹලා මා පිළිගන්නේ නැත. වෙන කෙනෙක් තමාගේම නාමයෙන් එන්නේ නම්, නුඹලා ඔහු පිළිගන්නවා ඇත. 44එකම දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණෙන ගෞරවය නොසොයා, එකිනෙකාගෙන් ගෞරවය ලබන්නාවූ නුඹලාට විශ්වාසකරන්ට පුළුවන් කොහොමද? 45පියාණන්වහන්සේ ඉදිරියෙහි මම නුඹලාට වරද තබන්නෙමියි නොසිතන්න. නුඹලාට වරද තබන කෙනෙක් ඇත. එනම් මෝසෙස්ය. නුඹලාගේ බලාපොරොත්තුව තබා තිබෙන්නේ ඔහු කෙරෙහිය. 46මක්නිසාද නුඹලා මෝසෙස් විශ්වාසකරනවා නම් මාත් විශ්වාසකරනවා ඇත; කුමක් හෙයින්ද ඔහු මා ගැන ලියුවේය. 47නුමුත් නුඹලා ඔහුගේ ලියවිලි විශ්වාස නොකරනවා නම්, මාගේ වචන විශ්වාසකරන්නේ කොහොමදැයි කීසේක.
انتخاب شده:
ශු. යොහන් 5: SROV
هایلایت
به اشتراک گذاشتن
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Ceylon Bible Society

: