Лого на апликацијата „Библија“
Икона за пребарување

හිතෝපදේශ 8

8
ප්‍රඥාවේ අනුහස
1 # හිතෝ 1:20-21 ප්‍රඥා තුමීගේ මොරගැසීම අසන්න;
ඥානාංගනාවගේ හඬගැසීමට සවන් දෙන්න.
2ඕ තොමෝ කඳු මුදුන්හි ද පාර අද්දර ද මංසන්දිවල ද සිටින්නී ය.
3නගරයට පිවිසෙන වාසල් දොරටු ළඟ ඈ හඬ නඟා මෙසේ කියන්නී ය:
4“සෙනඟෙනි, මාගේ ආයාචනය ඔබට ය, මම හැම මිනිසාට ම කතා කරමි.
5අනුවණයෙනි, නුවණ ලබාගන්න, දැනුම්තේරුම් ඇති අය වන්න;
මෝඩයෙනි, කල්පනාකාරී වන්න.
6අසන්න, මම උදාර දේ පවසමි.
මා මුවින් පවසන හැම දෙය ම සැබෑ ය.
7මම සත්‍යය මිස අන් කිසිවක් නොකියමි.
දුෂ්ට කතා මට පිළිකුලකි.
8මා කියන කවර දේත් සාධාරණ ය, ඒවායෙහි ඇදකුද, හොරබොරු කිසිත් නැත.
9නුවණැත්තන්ට ඒ සියල්ල සක්සුදක් සේ පැහැදිලි ය;
දැනුම ඇත්තන්ට ඒවා හරි බව වැටහේ.
10රිදීයට වඩා මාගේ ගුරුහරුකම් ද පෙරූ රනට වඩා දැනගැන්ම ද පිළිගන්න.
11මන්ද, ප්‍රඥාව රතු කැටවලට වඩා අගනේ ය;
ඊට සම කළ හැකි මිණිමුතු කිසිත් නැත.
12මාගේ නාමය ප්‍රඥා තොමෝ ය.
මම තීක්ෂණ බුද්ධිය ප්‍රදානය කරමි.
දැනුම හා විමංසන බුද්ධිය මම පහදා දෙමි.
13දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය.
මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.
14මන්ත්‍රණයෙහි දක්ෂතාව හා විමංසන බුද්ධිය මට ඇත;
ස්ථානෝචිත ප්‍රඥාව හා බල මහිමය ද මා සතු ය.
15මාගේ පිහිටෙන් භූපතීහු රජකම් කරති;
අධිපතීහු සාධාරණ නීති පණවති;
16මාගේ වරමින් අධිපතීහු රට පාලනය කරති;
ලොව සියලු මැති ඇමතිවරු රට ආණ්ඩු කරති.
17මට පෙම් කරන්නන්ට මමත් පෙම් කරමි, මා සොයන්නන්ට මා සම්බ වනු ඇත.
18වස්තුව ද ගෞරවය ද අසීමිත සම්පත් ද දැහැමි ජීවිතයේ ආසිරි ද මා වෙත ඇත.
19මාගේ අස්වැන්න රනට, පෙරූ රනට වඩා අගනේ ය;
මාගෙන් ලැබෙන සම්පත් හොඳ ම රිදීයට වඩා ශ්‍රේෂ්ඨ ය.
20මට පෙම් කරන්නන්ට වස්තුව හිමි කර දීමෙන්
21ඔවුන්ගේ ගබඩා පුරවා දමිටු මඟෙහි ද යුක්තියේ මංවල ද මම සැරිසරමි.
22 # එළිද 3:14 සමිඳාණෝ තමන් මැවූ හැම දෙයට ම පෙර සියලු මැවිලිවල පළමුවැන්නා මෙන් මා මැවූ සේක.
23දූරාතීතයෙහි, මහ පොළොව ඇති වන්නට පෙර, ආරම්භයේ දී, මම මවනු ලැබුවෙමි.
24සත් සමුදුර ඇති වන්නට පෙර ජලය පිරුණු උල්පත් නොවූ සමයෙහි මම ජනිත වූයෙමි.
25ගිරිකුළු හා කඳුවැටි නියම තැන්වල පිහිටෙන්නට පෙර, මාගේ උපත විය.
26සමිඳාණන් මහ පොළොව හා කෙත් වතු මවන්නට පෙර, ප්‍රථම පස් පිඩැල්ල සාදන්නට පෙර, මම ඉපිද සිටියෙමි.
27සමිඳාණන් අහස් කුස පිහිටෙවු කල ද, මම එහි සිටියෙමි.
එතුමන් මුහුද මත නිම් වළල්ල තබන විට,
28ඉහළ අහසෙහි වලාකුළු පිහිටුවන විට, සත් සමුදුර උල්පත් සවි කරන විට,
29මුහුදු ජලය එහි සීමා පසු කර නොබිඳී යන සේ, මායිම් තබන විට, පොළොවේ පදනම් සලකුණු කරන විට මම එහි සිටියෙමි.
30මම එතුමන්ගේ නිර්මාණ ශිල්පියෙකු මෙන් ළඟ සිටියෙමි.
නිරතුරු එතුමන් අබිමුව ප්‍රමුදිත වෙමින්, දිනෙන් දින එතුමන්ගේ ප්‍රීතිය වූයෙමි.
31එතුමන් මවා නිම කළ ලොවෙහි ලෝවැසියන් සමග සන්තෝෂ වූයෙමි.
32ඒ නිසා, මාගේ පුත්‍රයෙනි, මට සවන් දෙන්න;
මාගේ මාර්ග රක්නා අය භාග්‍යවන්තයෝ ය.
33මාගේ උපදෙස් ප්‍රතික්ෂේප නොකරන්න;
ඊට කන් දී නැණවත් වන්න.
34දිනෙන් දින මාගේ වාසල් දොරටු ළඟ සිට, මාගේ ද්වාර මණ්ඩප රැකවල් කොට, ඔවදන් අසන මිනිසා භාග්‍යවන්තයෙකි.
35මා සොයාගන්නා ජීවනය සොයාගනියි.
සමිඳුන්ගේ අනුග්‍රහය ද ඔහු සතු වේ.
36එහෙත් මා සොයා නොඑන්නා තමාට ම අනතුරු කරගනියි.
මට වෛර වන සියල්ලෝ මරණයට පෙම් කරති.”

Селектирано:

හිතෝපදේශ 8: NRSV

Нагласи

Копирај

Спореди

Сподели

None

Дали сакаш да ги зачуваш Нагласувањата на сите твои уреди? Пријави се или најави се