හිතෝපදේශ 10

10
දමිටු හා අදමිටු සමාජය
1සලමොන් නිරිඳුන්ගේ හිතෝපදේශ මේ ය:
නැණවත් පුතා පියා හට ප්‍රීතියකි, අනුවණ පුතා මවට ශෝකයකි.
2වංකකමින් ලබන වස්තුව නිෂ්ඵල වෙයි;
එහෙත් අවංකකම මරණින් මුදයි.
3සමිඳාණෝ දැහැමි දනා හාමතට නොහරින සේක;
එහෙත් දුදනන්ගේ මන දොළ නිෂ්ඵල කරන සේක.
4අලසකමින් දිළිඳුකම උපදියි;
කඩිසරකමින් ධනය උපදියි.
5ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි;
අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි.
6දැහැමියන්ගේ හිස මත ආසිරි පැතිරෙයි;
දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවෙයි.
7දැහැමි දනා සැමරීම වාසනාවකි;
එහෙත් දුදනන්ගේ නාමය පිළිකුලකි.
8පැණවතා අණපණත් පිළිගනියි;
නන්දොඩන මෝඩයා වැනසී යයි.
9අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි;
වංක මඟෙහි යන්නාගේ ක්‍රියා එළි වෙයි.
10වපර ඇසින් වරද දෙස බලන්නා කරදර උපදවයි;
එහෙත් නිර්භය විවේචනය කරන්නා සාමය ගෙන දෙයි.
11සුදනන්ගේ කතාව ජීවන උල්පතකි;
දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවී ඇත.
12 # ජාකො 5:20; 1 පේදු 4:8 වෛරය කලහ උපදවයි;
ප්‍රේමය වැරදි නොතකයි.
13නුවණැත්තා සිහිනුවණින් කතා කරයි;
අනුවණයා කස පහර ලැබිය යුතුයි.
14නැණවත්හු දැනුම රැස් කරගනිති;
එහෙත් මෝඩයන්ගේ කතාව විනාශය ළං කරගනියි.
15ධනවතාගේ ධනසම්පත ඔහුට බලකොටුවකි;
දිළින්දාගේ දිළිඳුකම ඔහුට විනාශයකි.
16දමිටුන්ගේ විපාකය ජීවනය වේ;
අදමිටුන්ගේ විපාකය විනාශය වේ.
17ශික්ෂා පිළිපදින්නා ජීවන මඟ යයි;
අවවාදයට පිටු පාන්නා මුළා වී යයි.
18බොරු කියන්නා වෛරය උපදවන්නෙකි;
කේලාම් පතළ කරන්නා අඥානයෙකි.
19කතාව වැඩි තැන වරදට ඉඩ ඇත;
සිය මුව රැකගන්නා නුවණැත්තෙකි.
20සුදනන්ගේ තෙපුල් පිරිසිදු රිදී මෙනි;
දුදනන්ගේ බසෙහි කිසි හරයක් නැත.
21දැහැමියන්ගේ බස් බහු ජන හිත සුව පිණිස වේ;
එහෙත් අනුවණයෝ අනුවණකමින් වැනසෙති.
22සමිඳුන්ගේ ආසිරි සෞභාග්‍යය සලසයි;
දැඩි ශ්‍රමයෙන් එය වැඩි කළ නොහැක.
23අනුවණයාගේ විනෝදය නපුරු ක්‍රියා කිරීම ය;
නුවණැත්තාගේ ප්‍රීතිය ප්‍රඥාව ලැබීම ය.
24දුෂ්ටයා බිය වන දේ ම ඔහු පිටට එයි;
ධර්මිෂ්ඨයා කැමැති වන දේ ම ඔහුට දෙනු ලැබෙයි.
25සැඬ සුළඟ පහවෙත් ම දුදනෝ ද පහ වී යති;
එහෙත් සුදනන්ගේ අත්තිවාරම් සදා පවතිනු ඇත.
26අලසයාගෙන් කිසි වැඩක් නොගන්න;
ඔහු, දත්වලට විනාකිරි ද ඇස්වලට දුම ද මෙන් වනු ඇත.
27සමිඳුන් කෙරෙහි ගෞරවය දිගාසිරි දෙයි;
එහෙත් දුෂ්ටයෝ අඩු වයසින් මිය යන්නහු ය.
28දමිටුන්ගේ පැතුම සොම්නස ගෙන දෙයි;
අදමිටුන්ගේ පැතුම නිෂ්ඵල වෙයි.
29සමිඳුන්ගේ මඟ අවංක අයට බලකොටුවකි;
අයුතුකම් කරන්නන්ට එය මහ විපතකි.
30දැහැමියා සිය තැනින් කිසිදා නොසෙල් වෙයි;
එහෙත් දුෂ්ටයාට දේශයෙහි තැනක් නැති වෙයි.
31දැහැමියාගේ මුවින් ප්‍රඥාව ගලා යයි;
එහෙත් ප්‍රයෝගකාරී දිව සිඳදමනු ලැබෙයි.
32දැහැමියා සිය මුවින් ප්‍රස්තාවෝචිත දේ කියයි;
එහෙත් දුෂ්ටයා කතාවෙන් කැරලිකාර දේ පවසයි.

اکنون انتخاب شده:

හිතෝපදේශ 10: NRSV

های‌لایت

کپی

مقایسه

به اشتراک گذاشتن

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید