හිතෝපදේශ 11

11
1හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි;
හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි.
2අහංකාරය සමඟ නින්දාව එයි;
එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව ඇත.
3අවංක අයට අවංකකම මඟපෙන්වයි.
ද්‍රෝහියා සිය ද්‍රෝහිකමින් විනාශ වෙයි.
4මැරෙන දිනයේ දී සම්පතින් වැඩක් නැත;
එහෙත් දැහැමි ජීවිතය මරණින් මුදයි.
5දැහැමිකමින් නිදොස් මිනිසාගේ ජීවිත ගමන පහසු වේ;
අදමිටුකමින් අදමිටුන්ගේ ම වැටීම සිදු වේ.
6අවංක අය සිය දැහැමිකමින් ගැළවෙති;
එහෙත් ද්‍රෝහියෝ සිය කූටෝපායවලට අසු වෙති.
7දුදනාගේ මරණය සමඟ ඔහුගේ පැතුම ද නැසෙයි;
අභක්තිකයන්ගේ ප්‍රාර්ථනා ද එසේ ම නැසෙයි.
8ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙනු ඇත;
දුෂ්ටයා මිදෙනු වෙනුවට විපතට පත් වෙනු ඇත.
9අභක්තිකයාගේ බසින් මිනිස්සු විනාශ වෙති;
එහෙත් දමිටු අය ප්‍රඥාවෙන් ගැළවෙති.
10දැහැමි අයට සෙත සැලසෙන විට නගරය ප්‍රීති වෙයි;
නොදැහැමියන් නසින විට නගරය ඔල්වර හඬ නඟයි.
11අවංක අයගේ ආශීර්වාදයෙන් නගරය උසස් වෙයි;
එහෙත් දුදනන්ගේ වදනින් එය බිඳ වැටෙයි.
12සිය අසල්වැසියා හෙළා දකින්නා අනුවණයෙකි;
එහෙත් නුවණැත්තා නිහඬ ව සිටියි.
13කේලාම් පතුරන්නා රහස් හෙළි කරයි.
එහෙත් විශ්වාසවන්තයා රහස් සඟවා තබාගනියි.
14දක්ෂ නායකත්වය නැති තැන සෙනඟ පිරිහෙති;
එහෙත් අනුශාසකයන් රැසක් සිටියොත් රට සුරැකේ.
15නොදන්න කෙනෙකුට ඇප වෙන්නා විපතට පැමිණෙයි;
එසේ ඇප නොවෙන්නා සුරැකි ව සිටියි.
16විනීත වනිතාව ආත්ම ගෞරවය දිනාගනියි;
එහෙත් අවිනීත ස්ත්‍රිය නින්දාවකි.
අලසයා අත කිසි විටෙක මුදල් නැත;
උත්සාහවන්තයා ධනවත් වෙයි.
17කාරුණික මිනිසා තමාගේ ම මිතුරා ය;
ක්‍රෑර මිනිසා තමාගේ ම සතුරා ය.
18දුෂ්ටයා වංචාවෙන් ලබන දේ මායාවකි.
එහෙත් යහපත වපුරන්නාට අස්වැන්නක් නියත ය.
19දැහැමි ජීවිතයෙහි පිහිටි අය ජීවනය ලබති;
නපුරු මඟ යන්නෝ මරණය ළඟා කර ගනිති.
20වංක අය සමිඳුන් හට පිළිකුලකි;
අවංක අය එතුමන්ට සතුටකි.
21දුෂ්ටයා දඬුවම් ලබනු සහතික ය;
එහෙත් සුදනන්ගේ පරපුර ඉන් නිදහස් වනු ඇත.
22ඌරෙකුගේ හොම්බෙහි ලූ රන් මුදුව යම් සේ ද අනුවණ කාන්තාවගේ රූ සපුව ද එසේ ම ය.
23දමිටුන්ගේ මන දොළ හුදෙක් යහපත සඳහා වේ;
දුදනන්ගේ පැතුමෙන් කිසි වැඩක් නැත.
24කෙනෙක් අත මිට දිගහැර දෙතත් පොහොසත් වෙති;
තව කෙනෙක් දැඩි මසුරුකමින් දෙතත් දිළිඳු වෙති.
25ත්‍යාගශීලී වන්න, එවිට ඔබ පොහොසතෙක් වන්නෙහි ය;
අන්‍යයන්ට ආධාර කරන්න, අන්‍යයෝ ඔබට ආධාර කරති.
26අනුන්ට නො දී ධාන්‍ය රැස් කරන්නාට සෙනඟ සාප කරනු ඇත;
එහෙත් එය විකුණන්නා හට ආසිරි ලැබෙනු ඇත.
27යහපත ගැන වීර්ය කරන්නා කරුණාව ලබයි;
එහෙත් නපුර සොයන්නා නපුර ම ලබයි.
28වස්තුව කෙරේ විශ්වාසය තබන්නා වියළි කොළයක් මෙන් වැටෙයි;
එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීක වෙයි.
29සිය පවුල අවුල් කරන්නාට හුළං බොන්න වෙයි;
මෝඩයා පැණවතා හට වහලෙකු වනු ඇත.
30ධර්මිෂ්ඨයා ජීවන වෘක්ෂයක් මෙන් පල දරයි;
එහෙත් සැහැසි අයට එය නැති වී යයි.
31 # 1 පේදු 4:18 බලන්න, ධර්මිෂ්ඨයා මොලොව දී හොඳ ප්‍රතිඵල ලබයි;
ඊට කොතරම් වැඩියෙන් දුෂ්ටයා හා පාපිෂ්ඨයා දුර්විපාක නොලබත් ද?

اکنون انتخاب شده:

හිතෝපදේශ 11: NRSV

های‌لایت

کپی

مقایسه

به اشتراک گذاشتن

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید