ක්‍රියා 6
6
සේවය සඳහා සත් දෙනෙක්
1අනුගාමික සංඛ්‍යාව වර්ධන වෙමින් පැවති එකල, ග්‍රීක් කතා කළ යුදෙව්වරුන් හෙබ්‍රෙව් කතා කළවුනට දොස් පවරන්නට වූයේ, දිනපතා ආහාර බෙදීමේදී ඔවුන්ගේ වැන්දඹුවන් නො සලකා තිබූ බැවිනි. 2එබැවින් මුළු ගෝල සමූහයා කැඳවූ දොළොස් දෙනා කතා කරමින්, “දෙවියන්වහන්සේගේ වචනය දේශනා කිරීමේ මෙහෙවර අතපසු කරමින්, අප මේසවල සේවයේ නියැළීම සුදුසු නො වේ. 3එබැවින් සහෝදරවරුනි, ඔබ අතරින් හොඳ පිළිගැනීමක් ඇති, ශුද්ධාත්මයාණන්ගෙන් හා ප්‍රඥාවෙන් පූර්ණ හත්දෙනකු තෝරා ගන්න. එවිට මේ කටයුතු ඔවුනට පවරා, 4අපි යාච්ඤාවටත්, වචනයේ මෙහෙයටත් කැප වන්නෙමු” යි කීහ.
5මෙම යෝජනාවට කණ්ඩායමේ සියල්ලෝ ප්‍රසන්න වූහ. එබැවින් ඔවුහු ඇදහිල්ලේ හා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ස්තේපන් ද පිලිප්, ප්‍රකොරස්, නිකනෝර්, තීමෝන් හා පර්මෙනස් ද යූදා දහම වැලඳගත් අන්තියෝකියානු නිකෝලස් ද තෝරා ගත්හ. 6ඔවුහු ඒ මිනිසුන් අපෝස්තුලුවරුන් ඉදිරියට පැමිණ වූ කල, ඔවුහු යාච්ඤා කර ඔවුන් පිට අත් තැබූහ.
7මෙසේ දෙවියන්වහන්සේගේ වචනය පැතිර ගියේ ය. අනුගාමිකයන්ගේ සංඛ්‍යාව ද යෙරුසලමෙහි සීඝ්‍රයෙන් වැඩි වන්නට විය. පූජකයෝ මහත් සංඛ්‍යාවක් ද ඇදහිල්ලට කීකරු වූහ.
ස්තේපන් අල්ලා ගැනීම
8ස්තේපන් අනුග්‍රහයෙන් හා බලයෙන් පූර්ණ ව, ජනයා අතරේ බලවත් හාස්කම් ද අනුහස් ලකුණු ද පෑවේ ය. 9එහෙත් නිදහස් මිනිස් සිනගෝගය ලෙස හැඳින්වුණු සිනගෝගයට අයිති වූවෝ නැගිට, ස්තේපන්ට එරෙහිව වාද කරන්නට වූහ. ඔවුහු සිරේනියේ හා ඇලෙක්සන්ද්‍රියාවේ ද සිලිසියා හා ආසියා පෙදෙස්වලින් ද පැමිණියෝ වූහ. 10එහෙත් ඔහු කතා කළ ප්‍රඥාවට හා ආත්මයාණන්ගේ බලයට එරෙහිව නැගී සිටීමට ඔවුහු අපොහොසත් වූහ.
11එබැවින් ඔවුහු රහසිගත ව ඇතැම් දෙනකු පොලඹවමින්, “මොහු මෝසෙස්ටත්, දෙවියන්වහන්සේටත් එරෙහිව අපහාස වචන පවසනු අපට ඇසුණා” යි ඔවුන් ලවා කියවූහ.
12මෙසේ ඔවුහු ජනතාව ද වැඩිහිටියන් ද දහම් පඬිවරුන් ද උසිගැන්වූයෙන්, ඔවුහු ස්තේපන් අල්ලා මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ආහ. 13එහිදී ඔහුට විරුද්ධ ව බොරු සාක්ෂිකරුවන් ඉදිරිපත් කළෙන්, ඔවුහු සාක්ෂි දෙමින්, “මේ මිනිසා අපේ මේ ශුද්ධස්ථානයටත්, ව්‍යවස්ථාවටත් විරුද්ධ වචන නො නවත්වා ම පවසයි. 14මන්ද මේ නාසරෙත්හි යේසුස්, මේ ස්ථානය කඩා බිඳ, මෝසෙස් අපට නියම කළ වත් පිළිවෙත් වෙනස් කරන වග මොහු පවසනු අප අසා සිටියා” යි පැවසූහ.
15මන්ත්‍රණ සභාවේ අසුන් ගෙන සිටි සියල්ලෝ ඕනෑකමින් ස්තේපන් දෙස බැලූහ. එවිට ඔහුගේ මුහුණ දේව දූතයකුගේ මුහුණ මෙන් ඔවුහු දුටහ.
Atualmente Selecionado:
ක්‍රියා 6: SCV
Destaque
Copiar
Comparar
Compartilhar
Quer salvar seus destaques em todos os seus dispositivos? Cadastre-se ou faça o login
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.