1
මතෙව් 11:28
සිංහල කාලීන පරිවර්තනය
“වෙහෙස වෙන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න. මම ඔබට සහනය දෙමි.
So sánh
Khám phá මතෙව් 11:28
2
මතෙව් 11:29
මා හදවතින් මෘදුව, යටහත්ව සිටින බැවින් මගේ වියගහ කරට ගෙන, මගෙන් ඉගෙන ගන්න; එවිට ඔබගේ ජීවාත්මයට සහනය ලැබේ.
Khám phá මතෙව් 11:29
3
මතෙව් 11:30
මන්ද මගේ වියගහ පහසු ය; මගේ බර ද සැහැල්ලු ය.”
Khám phá මතෙව් 11:30
4
මතෙව් 11:27
“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේම පුත්රයාණන් හා පුත්රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.
Khám phá මතෙව් 11:27
5
මතෙව් 11:4-5
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ අසන, දකින දෑ යොහන්ට ගොසින් කියන්න. අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්රකාශ කරනු ලැබේ.
Khám phá මතෙව් 11:4-5
6
මතෙව් 11:15
අසන්නට කන් ඇත්තා අසත්වා!
Khám phá මතෙව් 11:15
Trang chủ
Kinh Thánh
Kế hoạch
Video